IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රට යන අයගේ පොලිස් සහතිකය ලිහිල් වේ

(රංජන් කස්තරි)

විදේශ රැකියා අපෙක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනයකිරීමට රජය තීරණය කර ඇත.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙරවැරදි සහ සුළු වැරදි  ඇතුළත් කිරීමේදී එම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කර ඇත.

කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන  ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවට සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් වූ අධිකරණමය කරුණු ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කරුණ ඉදිරිපත් කළේය. 



අදහස් (6)

රට යන අයගේ පොලිස් සහතිකය ලිහිල් වේ

mangala Tuesday, 06 June 2023 05:23 PM

ඇති යන්තම් එක මොලේ ඇති වැඩක් කරලා. අනික තමා අධිකරණයකින් වරදකට වැරැදිකරු වෙලා දඩයක් හෝ සිරදඬුවමක් දුන්නත් ඒ සිද්ධිය වෙලා අවුරුදු දෙකක් හෝ 4ක් නම් ඒවාද අයින් කළයුතුයි.

:       0       2

fairoos Tuesday, 06 June 2023 07:06 PM

එහෙනම් ඉතින් කුඩු කාරයින්ටයි, මිනීමරුවන්ටයි රටින් පනින්න පුළුවන් වෙයි...

:       1       1

Bamunuarachchi Tuesday, 06 June 2023 10:27 PM

කන්න හිතුණාම කබරගොයා තලගොයා කර ගන්නවා කියන්නේ මේකටයි. වැරදි කොරපු හාදයන්ගේ වැරැදි නොපෙන්වා පිටරට යවා ඒ රටවලත් වැරැදි කළාම වෙන්නේ ලංකාවේ පොලිස් වාර්තා පිළිනොගැනීමයි. මෙහෙ අරගල කරලා පොලිස් පොතේ ලියැවුණු ජෙප්පෝ මෙරට සිදුවීම් වලට වෙන රටවලත් අරගල කරන්න ගියාම තමයි අපිට කෙලවෙන්නේ. ඒ නිසා වැරැද්ද සුළුද නැත්ද කියන එක employerට තීරණය කරන්න ඉඩදී පොලිස් වාර්තාවේ සියලුම වැරැදි සටහන් කරන්න. එය මෙලොවටත් පරලොවටත් හොඳයි. යමරජ්ජුරුවෝ ඒවා තීරණය කරාවි. යම රජ්ජුරුවන්ට ලිස්ට් එක යනවා කියා දැනගත්තාම මිනිස්සු හොඳින් ජීවත් වේවි.

:       2       1

kamal Wednesday, 07 June 2023 12:58 PM

නුඹට දරුවෝ නැද්ද...? බමුණෝ.. සුළු වැරැද්දකට ළමයෙකුගේ ජීවිතයම නැති කරන්න.

:       0       2

Bamunuarachchi Wednesday, 07 June 2023 07:34 PM

. උඹට තද උනේ උඹේ දරුවන් රාජ්‍ය විරෝධී වැඩ කර තිබෙන නිසාද? මට දරුවෝ ඉන්නවා ඔවුන් ජෙප්පෝ වත් රාජ්‍ය විරෝධී වැඩ කරන හෝ කරපු අය නොවෙයි. ඔවුන් ලංකාවේ පුරවැසියන් නොවේ.

:       0       1

Bamunuarachchi Thursday, 08 June 2023 06:48 AM

මට දරුවෝ ඉන්නවා ඔවුන්ගේ නම් පොලිස්පොතේ ලියවිලා නැහැ. මොකද උඹේ ළමයි ත්‍රස්ත ක්‍රීයා වලට අහුවෙලා පොලිස් පොතේ ලියවිලා තිබෙන වාද? 2022 ගෙවල් ගිනිතියල මංකොල්ල කාල අසුවෙලා තිබෙන වාද? එහෙනම් බය වෙන්න ඕනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site