IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට බිත්තර බේකරි වලට විතරයි

(අංජුල මහික වීරරත්න)

මෙරටට ආනයනය කරන  බිත්තර‍ බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ.

බිත්තර හිඟය අවම කරලීම සඳහා රජය  බිත්තර ආනයනය කිරීමට තීරණය කළේය.

නමුත් පහසුවෙන් බිත්තර ආනයනය කළ හැකි රටවල් කිහිපයකින් කුරුළු උණ වසංගත තත්ත්වය වාර්තා වූ නිසා බිත්තර ආනයනය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුන්නේය.

රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ.

බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් වල අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත්ය.

බේකරි වලට ආනයනික  බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් (Guidelines ) වහාම සකස් කරන ලෙස අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මියට උපදෙස් දුන්නේය. 

බේකරි වල  බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම  කළ යුතු අතර  ඉතිරි වන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට වග බලා ගන්නා ලෙසත් අමාත්‍යවරයා  උපදෙස් දුන්නේය. කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් මෙහිදී  අවධාරණය කෙරිණි.

 



අදහස් (6)

රට බිත්තර බේකරි වලට විතරයි

යෝගා Friday, 17 February 2023 11:15 AM

මේ රටේ ඉන්න ගොබ්බ බේකරිකාරයින් ඔය මාර්ගෝපදේශ පිළිපදියි කියලා හිතනවාද? මේක තවත් අවුලකට මුලක්...

:       0       17

Sunil Friday, 17 February 2023 11:31 AM

ඒවායේ තත්වය එතරම්ම ඉහළයි. ඇතුළේ තියෙන්නේ මොනවද කියලා ජනතාවට පේන්නේ නැහැ.

:       0       6

kamal Friday, 17 February 2023 01:12 PM

ප්‍රතිපත්ති මාලා පැත්තකින් තියමුකෝ. නීති මාලාව බලමුකෝ. ඒක රකිනවාද? නැහැනේ. ඉතින් රත්තරන් මල්ලට ගුල්ලන් ගැහුවාට පස්සේ හාල් මල්ල ගැන බලන්නවත් ඕනෑද?

:       0       6

Hafeel Friday, 17 February 2023 01:33 PM

මේ විදියට ගියොත් මේ රටට ආණ්ඩුවක් ඕනෑ නැහැ.

:       3       6

de silva Friday, 17 February 2023 02:33 PM

විකාර කතා... ඔය කුරුළු උණ බේකරි කාරයින්ට හැදෙන්නේ නැද්ද? බිත්තර මුදලාලිගෙන් ලොකු පගාවක් ලැබිලා වගේ... බිත්තර මිල බස්සන්න නම් ලංකාවට බිත්තර පිටරටින් ගෙන්වන්න ඕනේ. ඔය නීති මොකටද බිත්තරේට පමණක්..? ඔය කියන රටවලින් සිය ගණනක් මිනිස්සු දිනපතා ලංකාවට එනවා. ඒගොල්ලොත් කොරන්ටයිම් කරන්නේ නැහැනේ... ඉන්දියාවේ ඉඳන් දහස් ගණනක් කුරුල්ලෝ ලංකාවට පියාඹගෙන එනවා දිනකට...

:       0       8

Bamunuarachchi Friday, 17 February 2023 05:10 PM

කුරුළු උණෙත් ලංකාවේ බිත්තර කාරයින් සහ දේශපාලුවන් මවපු දෙයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site