(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට පුරා මැණික් හොයන්න සමීක්ෂණයක්
සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 March 2024 12:30 PM
ඉතාමත් හොඳ වැඩපිළිවෙළක්. මිලකළ නොහැකි මැණික්ගල් උඩ ඉඳගෙන පිටරටින් හිඟාකන ජාතියක් තමයි අපි. දේශපාලන මතය කුමක් වුවත් ඔබතුමා මේ ගන්නා පියවර අගය කළ යුතුයි.
Chandrathilaka Monday, 18 March 2024 01:08 PM
පතල් කර්මාන්තය රටේ සංවර්ධනය සඳහා වැදගත්කමක් තියෙනවා. ඒත් මහාපරිමාණයෙන් කරන බැකෝ යන්ත්‍ර පතල් කර්මාන්තය පරිසරයට හානියක් වෙනවා නිවාස ආශ්‍රිතව බැකෝ පතල් මගින් නිවාස, දේපළ විනාශය උපරිමයෙන් වෙනවා... ජල මූලාශ්‍ර සිඳීයාම දැකලාම තියෙනවා පිපාසයට දියබිඳක් නැති තත්වයක් ඇතිවෙන්න පුළුවන්, මගේ කුඩා ඉඩමක් තියෙන ප්‍රදේශයේ කන්ද පාමුල දෙපසින් වසර පහකට හයකට පෙර බැකෝ පතල් දෙකක් තිබුණා. ඒ වනවිට කිසිදාක නොසිඳෙන කුඩා දොළපාරක් තිබුණා. නමුත් පතල් අවසන් කාලයේ සිට තිබුණු දොලපාර නැත්තටම නැතිවුණා. බලපත්‍ර දීමේදී මේවා ගැන බලන්න කටයුතු නොකළත් මහත්ම විනාශයක් ඇතිවීම නවතන්න වයිමාටවත් බැහැ..
Hafeel Monday, 18 March 2024 02:31 PM
සූරියකන්දත් සබරගමුව පළාතටයි අයිති. සබරගමුව පළාතට හාරන්න අවසර දුන්නුත්, ඔයාල කාලේ වළදාපු අහිංසක තරුණයන්ගේ ඇට කටු හමු වේවි. ඒ වගේම කැළණි ගඟ ආශිත්‍රවත් හාරන්න අවසර දුන්නුත්, බටලන්ද මතු වේවි.
Jayathissa AluthgeMonday, 18 March 2024 04:48 PM
1993 (1994) මැතිවරණය වෙලාවේ සූරියකන්ද හාරා ඇවිස්සීම කළේ තරුණයෝ යටකල අයම කියලා තමයි ඒ ප්‍රදේශයේ අය නම් කියන්නේ...!
ගමේ එකාලා Monday, 18 March 2024 03:42 PM
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි බල ලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ගැන නම් වගේ වගක් නැහැ..!
විජිත් Monday, 18 March 2024 05:34 PM
මැණික් ගරන්න ඉන්දියන් වඩුග නෑයින්ව ගෙනෙන්නද දන්නේ නැහැ ප්ලෑන් එක. ගෙනාවොත්... අනිවාර්යයෙන්ම ඔවුන්ව පතල් වලට දාලා වහනවා...!!!
sunil Monday, 18 March 2024 06:20 PM
බලාගෙන ලොක්කා වැඩිය හාරන්න එපා. දියමන්ති මතුවෙලා ඊට යටින් තියෙන දේවල් හම්බවෙයි.
Bandula Monday, 18 March 2024 06:33 PM
දැන් කාලයේ භූමියේ තියෙන ඛනිජ සම්පත් පරීක්ෂා කරන්න පුළුවන් යන්ත්‍රෝපකරණ තියෙනවා කියලා අහන්න ලැබෙනවා. ඉතින් එහෙම උපකරණ ගෙනැවිත් භූමියට හා පරිසරයට සිදුවන හානි අවම වනසේ කටයුතු කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඒ ගමන්ම කියන්න ඕනෑ එකක් කඩතොලු වසන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත්තා. ඉඳුරුවේ ආචාරියා කියලා කියමන වගේ පසුගියදා පුවතක් වාර්තා වුණා. මැණික් ගැරීමට පතල් කැපීම නිසා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජල මණ්ඩලයේ ව්‍යාපෘතියක් විනාශ වුණා කියලා ඒවා ගැන අවධානය යොමුකරන්න කියලා... මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරි සේවකයින් හා කෘපනිසලා සියල්ලෝම දැනුවත් කරන්න කියලා මතක් කරන්න ඕනෑ... තවත් එකක් තමයි ගැරුම් බලපත්‍රය ගැනීමට අපේක්ෂා කරන ඉඩමේ නිරවුල් බවට අමතරව එම ඉඩම අවට ඉඩම්වලට මාර්ගවලට සිදුවන පාඩු හා හානි ගැන බලන්නත් හානි සඳහා වන්දි ගෙවීමට නීති සැකසීම කරන්න... කියලා මතක් කරනවා