IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රටේ ප්‍රශ්නවලට උත්තර දෙන උත්තර සභාගය ගොඩනගනවා

(ඩයනා උදයංගනී)

රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන ‘උත්තර සභාගයක්’ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ලබන 4 වැනිදා ගොඩනගන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

තම කණ්ඩායමේ දේශපාලන අවංකභාවය, දේශපාලන ඒකාග්‍රතාවය වඩා තීව්‍ර හා ජවසම්පන්න කොට, රටේ ජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා මහා පවුරක් ගොඩනැගීම මෙහි අරමුණ බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

මෙය රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කීවේය.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකදීය.

ස්වාධීන පක්ෂ එකමුතුව මෙසේ ගොඩනඟනු ලබන උත්තර සභාගයට තවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.

මෙම සභාගය හා එක්වෙමින් රටේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක ඇරඹුමට දායක වෙන්නැයි සියලු දෙනාට විවෘත ආරාධනයක් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (6)

රටේ ප්‍රශ්නවලට උත්තර දෙන උත්තර සභාගය ගොඩනගනවා

sena Thursday, 01 September 2022 05:33 PM

රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කිරීමටනම් කලයුතුවනුයේ ඔබලා විසින් කල වැරදි පිළිගනිමින් දේශපාලනයෙන් ඉවත්වීම නොවේද?

:       6       27

podi mole Thursday, 01 September 2022 06:27 PM

හොර උපන්දින, හොර පාස්පෝට් නඩු වලටත් ඔය උත්තර තියෙනවද?

:       5       19

saki Thursday, 01 September 2022 07:13 PM

අනේද කියන්නේ..?

:       5       8

සිල්වා Thursday, 01 September 2022 07:22 PM

මන්ත්‍රිතුමනි, ඔබලා ගොඩනැගූ ජාතිවාදයෙන් රට ගොඩනගන්න බැරිතරමට අද ප්‍රපාතයට වැටී හමාරයි. ඔබතුමන්ලාට තවත් රැවටෙන ඡන්ද දායකයන් තවත් සිටීනම් එය රටේ අභාග්‍යයම තමයි.

:       7       11

kamal Thursday, 01 September 2022 07:27 PM

පිටිපස්ස කහගන්න නියපොත්ත නැති වුණත් කතාව නම් ගාම්භීරයි...

:       6       12

LGPJ Friday, 02 September 2022 05:21 AM

තවත් දවසක එක සිහිනයක්..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site