
(අංජුල මහික වීරරත්න)
අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ලිහිල් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙි.
දැනට බලපවත්නා අපනයන ඉපැයීම් සම්බන්ධයෙන් වන රීති, එනම් "2022 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති (සංශෝධිත)" ලිහිල් කරන ලෙස අපනයනකරුවන්,අපනයනකරුවන් ගේ නියෝජිතයන් සහ ඇතැම් රජයේ නියෝජිතායතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කරුණු ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක වීමත් සමඟ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා නව රීති නිකුත් කළ යුතුව ඇත.
ඒ අනුව, අංක 2391/02 දරන 2024-07-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද 2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමින් පසුගිය දශක කිහිපය තුළ නීත්‍යානුකුලව විදේශ වලදී උපයන ලද මුදල් බැංකු හරහා ලංකාවට ගෙන්වන්න කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ ? මොනවද මේ කියන්නේ කියලා මට නම් වැටහෙන්නේ නැහැ.