
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.
මේ ආකාරයට ගිවිසුම් කඩ කළ ( පසුගිය 2010 වර්ෂයෙන් පසු) වැඩිම ආචාර්යවරුන් පිරිසක් අයත් වන්නේ පේරාදෙණිය සරසවියට බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැට තුන් දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් අය නොකර ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කෝප් කමිටුව කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබති
සෞභාග්‍යයෙන් ඉදිරියට Sunday, 13 August 2023 06:01 PM
ඇත්තටම රාජ්‍ය සේවයේ තිබෙන ගිවිසුම් ශක්තිමත් නැහැ... ගිවිසුමක් සමග ප්‍රමාණවත් ඇපයක් තබාගෙන කටයුතු කළොත් ටිකක් සාර්ථක වේවි... මෙහෙම ගිවිසුම් කැඩීම පුරවැසි බව අහෝසි කරන්න හේතුවක් කළොත් නම් රටට වැඩක් කරන්න පුළුවන් කියලා හිතෙනවා... දැඩි දඬුවම් නැතුව ලංකාව හදන්න බැහැ...
Mo77 Sunday, 13 August 2023 11:17 PM
ශ්‍රී ලංකා රජය හැසිරෙන්නේ බබාලා වගේ. මේකට හේතුව දූෂිත නිලධාරීන්. මෙම ආචාර්යවරුන්ට විදේශවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගැනීමට පොලිස් වාර්තා ඇතුළු අනෙකුත් ලියකියවිලි අවශ්‍ය වෙනවා... මෙසේ ගිවිසුම් කඩකළ අයට අදාළ වාර්තා ලබාගැනීම වළකා සිටිය හැකියි. ඔවුන් විදේශගත වන්නේ නම් ශ්‍රී ලංකා රජය වියදම් කළ සියලුම මුදල් නිදහස් අධ්‍යාපනයට වියදම් කළ මුදල ඇතුළුව සියලු දේ අය කරගත යුතුයි. ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි. තවද බඳවාගැනීමේදී පීඑච්ඩී උපාධිය ඇති අය බඳවා ගැනීමෙන් මෙම ගැටළුව හැකිතාක් දුරට අඩුකර ගත හැකියි. දැනට පළමු උපාධියෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නතරකළ යුතුයි...
මො Sunday, 13 August 2023 11:23 PM
ඇයි රජයේ අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ නැත්තේ..? මේකට හේතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් විශ්වවිද්‍යාලය පරිපාලනයට සම්බන්ධ අය වලින් තොර කළ යුතුයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලයේ නියාමනය කිරීමක් සිදුවන්නේ නෑ.... අඩුම තරමින් විෂය මාලාව සම්පූර්ණ කරනවාද කාලානුරූපීව විරූපී වූ විෂය මාලාව යාවත්කාලීන කරනවාද වත් බලන්නේ නෑ. මල්ලී මොකද මේ වල ඉන්නේ යාලුවෝ... රට ඉන්නෙත් යාලුවෝ.. ඔවුන්ව බේරගන්නෙත් යාලුවෝ...!
Lalla Monday, 14 August 2023 06:56 AM
යම්කිසි ආකාරයක අයකර ගැනීමකට යටත් නොකර උසස් අධ්‍යාපනය දිගටම ක්‍රියාත්මක කිරීම ඛෑ. රටේ මිනිස්සුන්ට රට ගැන හැඟීමක් නෑ. නිකම්ම දෙනකොට අයිතිවාසිකමක්... පැනලා යනකොට තම සුඛ විහරණය.. එක්තරා විදියක අපරාධ නොවේද? ජාතික ධනය කොල්ලකෑම... දේශපාලුවන්ට නොදෙවනි හොරු...