
(යොහාන් භාසුර)
රට ගමන් කරමින් තිබූ දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ජාතික විද්‍යා පදනම විසින් සංවිධානයෙන් කොළඹ වෛද්‍ය පිඨයේ අද (6) පැවති ඩිජිටල් පුස්තකාල සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.
පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් ලෙස සළකන අතරම රජයේ සංවර්ධන වැඩපිලිවෙළට පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය යැයි විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාවටම වෙනස්කර නව මාවතකට රට යොමු කිරීම රජයේ අභිප්‍රාය බව කී අග්‍රාමාත්‍යවරිය එය පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම් විය යුතු බව ද සඳහන් කළාය.
විශේෂයෙන් ඉහළම මට්ටම්වල තීරණ ගැනීමේදී විද්‍යාව මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව, දත්ත මත පදනම්ව තීරණ නොගැනීම පසුගිය වසර කිහිපය තුළ අප මුහුණ දුන් විශාල ගැටලුවක් බවත් එබැවින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පර්යේෂණ ප්‍රජාව වඩාත් සමීපව එකට වැඩ කළ යුතු බවත් ඇය කීවාය.

2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’රට ගමන් කරන දිසාව වෙනස් කරනවා’’
බකල ජයා Friday, 06 December 2024 07:31 PM
දත්ත, සාක්ෂි, විද්‍යාත්මක පර්යේෂණ වැදගත් තමයි. ඒවා හොයන්න, කරන්න කලින් වැඩ පටන්ගන්න ඥාණක්කාගෙන් හොඳ වෙලාවක් බලාගත්තොත් නේද හොඳ..?
Neel Friday, 06 December 2024 09:41 PM
ඇත්තටම මම හිතුවා මේ වගේ වැදගත් නිවුස් වලට පාටක වන අප වගේ අය වැදගත් සභ උගත්කම මත අදහස් ප්‍රකාශ කරයි කියලා. හාස්‍ය දනවන වේලාවක් නෙවෙයි නේද කියලා මට හිතෙනවා...
Gamini Friday, 06 December 2024 11:30 PM
දිසාව වෙනස් වේගෙන යනබව අපිටත් පේනවා... පොල් පෝලිමේ දිග දැක්කාම...
Saman Deshapriya Saturday, 07 December 2024 03:28 AM
ජෙප්පෝ මව්බිම නැතිනම් මරණය කියනකොට අපි ඒවා පිලිගෙන අපේ සහෝදරයෝ බිලිදෙන්නයි. අද LTTE ඩයස්පෝරා සහ පල්ලි වල කීමට අපේ සන්ස්කෘතිය, ජාතිය, භාෂාව වැඩක් නෑ. කියනකොට ඒවා පිළිගන්නයි අපි කොන්දක් නැති සක්කිලි නෙමේ. කාඩිනල්ගේ සහ බෝන් අගේන් පල්ලියත් එක්ක යටින් ඩීල් දාලා බෞද්ධයින්ව රවට්ටන්න මේ මාධ්ය සන්දර්ශන දානවා..
pj Saturday, 07 December 2024 05:24 AM
කියන්න අවශ්‍ය නැහැ. දැනටමත් පෙනෙන්න තියෙනවා උතුර දකුණ මාරුවුණු බවක්..
Damith Saturday, 07 December 2024 01:56 PM
පොල් පෝලිම දිහා බලද්දිම ඒක පේනවා.
GAMA VARESE Saturday, 07 December 2024 03:59 PM
මාලිමාව කියන්නේ එහාට මෙහාට කර කැවෙන එකට තමයි හලෝ කිසිම ප්‍රතිපත්තියක් නැහැ...