IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට ගැන සිතා අවුරුද්දකට උද්ඝෝෂණ නවත්තන්න

 

(සුජිත් හේවාජුලිගේ සහ  මංජුල මහික වීරරත්න)

රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි  රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

උද්ඝෝෂණ කර රටක් දියුණු කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

"රටට සංචාරකයෝ පැමිණිය හොත් පමණයි ඩොලර් එන්නේ. නැත්නම් ඩොලර් නැහැ. උද්ඝෝෂණ තියෙනකොට සංචාරකයෝ එන්නේ නෑ" යැයිද  වෙල්ගම මහතා පැවසීය.

රාජ්‍ය ආයතනවල  සේවක සංඛ්‍යාව වැඩිවීමට මේ සභාවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා වගකිවයුතු බවත් තමාද කලුතර  අය රජයේ රැකියාවලට දැමූ බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය  ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (8)

රට ගැන සිතා අවුරුද්දකට උද්ඝෝෂණ නවත්තන්න

wedage Wednesday, 23 November 2022 02:03 PM

ඇමැතිකමක් ලැබෙනවද?

:       46       8

Hafeel Wednesday, 23 November 2022 02:19 PM

එදා පහර කෑමෙන් පසු මෙයාගේ මොලයේ නහරයක් පැටලිලා වගේ. මෙයාම මෙතන පිළිගත්තා මෙයාත් වැරදි කළා කියලා. එහෙම කරලා දැන් කියනවා මිනිස්සුන්ට උද්ඝෝෂණ කරන්න එපා කියලා. මෙයා කාලයකට ආණ්ඩුව විවේචනය කරනවා, කාලයකට ආණ්ඩුවට කඩේ යනවා. මෙයාත් රනිල්ට ජනාධිපති වෙන්න ඡන්දය දුන් 134න් එක්කෙනෙක්. ළඟදී කිව්වා රනිල්ටත් කරන්න බැහැ කියලා. වැඩිහිටි නිවාසවල ඉන්න ඕනේ කාලේ, පාර්ලිමේන්තුවට යවපු එක තමයි වැරැදි....

:       33       10

ජගත් ලියනගේ Wednesday, 23 November 2022 02:43 PM

ආ වෙල්ගම මහත්තයා කොහොමද? ගොඩාක් කාලේකින්. දැන් ඔබතුමා කරන්නේ දුර පැනීම ද? එහෙම නැත්තං උස පැනීමද ?

:       6       8

චන්දිම ෆොන්සේකා Wednesday, 23 November 2022 03:05 PM

එතකොට ඔය දේසපාලුවෝ හොරකම් කොමිස් දුෂණ කරන්නේ නැතුවා බොහොම අවංකව රට කරගෙන ගිහින් රට සංවර්ධනය කරාවි නේද?

:       2       8

sharm warn Wednesday, 23 November 2022 03:10 PM

මෙ තව ඒකෙක්.. . මුන්ට ඇමති කමක් පෙන්නුව ගමන් පාදඩ කම එලියට එනව. . .රනිල් මුව ගොනාට අන්දවගෙන වැඩේ කර ගන්න යන්නෙ.. බලමු.. . මෙ සත්වයගෙ කතා මිනිස්සු අහයි ද කියල..

:       4       5

lal Wednesday, 23 November 2022 03:27 PM

ඇත්ත....

:       0       3

siri Wednesday, 23 November 2022 03:31 PM

කුමාර වෙල්ගම මහත්තයා බොහෝදුර දක්නා නුවණක් ඇති පරිණත දේශපාලඥයෙක් නිසා ඉස්සරහට වෙන්න යන දේ පෙනිලා ලොම් හැළුණු අලියෙකුගේ නැට්ටේවත් එල්ලෙන්න හදනවාද මන්දා....?

:       4       4

නිහාල් Wednesday, 23 November 2022 04:33 PM

අවුරුදු 73ක් අරගල නොකර හිටියා ඔහේලා රට දියුණු කලා ද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site