IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රට ඉන්න බිරියට පේන්න පුතාට පහරදීලා

(බී ජී චතුරංග)

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී සිටින තම බිරිඳට වීඩියෝ  ඇමතුමක්  ගෙන තම, 11 හැවිරිදි පිරිමි දරුවා බිම දණ ගස්සවා , පරුෂ වචන කියමින් 'මව එපායැයි පවසන ලෙසට බල කරමින්' එම දරුවාගේ අත්පාවලට, පිට ප්‍රදේශයට ගැටිති සහිත ලීයකින් පහර දී තුවාල සිදු කළ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ගෘහස්ථ විදුලි කාර්මිකයකි.

වින්දිත දරුවාගේ මව, ඉකුත් ජනවාරි මාසයේදී කුවේට් රටේ රැකියාවක් සඳහා පිටව ගොස් ඇති අතර සැකකාර පියා පසුගිය දිනෙක අලුයම 1ට දරුවා ඇහැරවා සාලයේ දන ගස්සවා අමානුෂික අයුරින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පහර කෑමට ලක්ව කෑගසමින් දරුවා මව දෙස ජංගම දුරකථනයෙන් බලා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක්, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතාට ලැබීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

රට ඉන්න බිරියට පේන්න පුතාට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site