IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රටේ අයිතිය ලාංකිකයන්ට: එක් පවුලකට නොවේ

(නිමල කොඩිතුවක්කු)

මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව  සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක් එක් දේශපාලන පක්ෂවලට එසේ කළ හැකි වුවත් සමගි ජනබලවේගය එසේ නොවන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන් යනු මෙරට තාවකාලික බාරකරුවන් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමහර පුද්ගලයන් හැසිරෙන්නේ මුළු රටම තමන්ට සහ තම පවුලට අයිති දෙයක් ලෙස බවත් පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය එක පවුලකට සීමා වී ඇතැයි  කියා ඔවුන් සිතා සිටිනවානම් එය වැරදි බවත් ප්‍රේමදාස මහතා කීවේය.



අදහස් (8)

රටේ අයිතිය ලාංකිකයන්ට: එක් පවුලකට නොවේ

Prabha Friday, 29 March 2024 04:17 PM

ඒත් එකම පාසල්, පන්සල්වල කරන දේශපාලනයත් නතර කරමු නේද?

:       3       20

chandima Friday, 29 March 2024 05:15 PM

මෙලෙස ලක්ෂ ගණනින් බෙදන්න සල්ලි කොහෙන්ද ලැබුණේ? කෙහෙල්වත්තේ ඔය තරම් ආදායමක් තිබුණද? නැතිනම් සල්ලි අච්චු ගහලා දෙනවද?

:       2       21

Bamunuarachchi Friday, 29 March 2024 07:27 PM

රටේ අයිතිය රටේ ප්‍රධාන ජාතියට අයිතියි. සුළු ජාතීන්ට ජීවත් වීමට අයිතියක් ඇත. රට බෙදීමට, ෂර්යා නීතිය ඉල්ලීමට ඔවුන්ට කිසිම අයිතියක්‌ නැත. ඒ අයිතීන් දීමට දේශපාලකයින්ට කිසිම අයිතියක් නැත... ඔබලා තාවකාලික පාලකයින් පමණයි. ගම්මිරිස් හොයාගෙන මෙරටට ආපු කෙනෙකුට භික්ෂු සිරගත කිරීමට හැකිවූයේ හම්බයින්ගේ ඡන්දේ බලාගෙන හම්බයින්ට කත් ඇදපු කොළඹ කෙහෙල්වත්තෙන් බිහිවුණු දේශපාලකයින් නිසයි....

:       5       8

Bamunuarachchi Friday, 29 March 2024 07:34 PM

තාත්තාගෙන් පුතාට යන දේශපාලන නැතිකරනවාලු. ඒ කියන්නේ සජිත් ගේ තාත්තා ආර්. ප්‍රේමදාස් නොවෙයිද? ආර්. ප්‍රේමදාස් සජීගේ තාත්තා නොවෙයි නම් සජියට පක්ෂ නායකකමක් ගන්න තිබ්බ සුදුසුකම මොකක්ද? මේවා කෙහෙල්වත්තේ විහිළු...!

:       3       14

Chandrani miss Friday, 29 March 2024 10:21 PM

මේ මහත්තයාට බලය ලැබුණොත් තමන්ට බස් හා සල්ලි දෙන මුදලාලිලාට සලකන්න ගියාම රටේ දුප්පත් අහින්සකයින්ට සලකන්නේ, සහන දෙන්නේ මොන ආර්ථික ප්‍රතිපත්තියෙන්ද? මේ මජර දේශපාලනයට කවදා තිත තැබෙයිද?

:       2       13

Chandra Friday, 29 March 2024 10:23 PM

ඇයි මේ ඡන්ද ගන්න විහිළු කතා කියන්නේ? ලැජ්ජා නැත්ද? ජනතාව, දේශපාලන පවුල් ගැන හොඳට දන්නවා.

:       2       13

Perera Saturday, 30 March 2024 05:52 AM

තාත්තාගෙන් පුතාට යන දේශපාලනය ගැනද කියන්නේ..?

:       0       5

chandima Saturday, 30 March 2024 06:07 AM

ඔබතුමා අර අනුර කුමාර වගේ මහජනතාවට ප්‍රශ්න අහන්න වෙලාවක් නොදෙන නිසයි මෙහෙම අහන්නේ... ඔබතුමා බලයට ආවොත් මහබැංකු හොරුන්ට, හොරසල්ලි අච්චු ගහපු කට්ටියට දෙන දඬුවම මොකක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site