IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රටවල් 41ක් එන පරිසරය සැසියක් ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP)  ඔක්තෝබර් 03 වනදා සිට 6 වැනිදා දක්වා  කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.

එහි ප්‍රධාන සැසිය ඔක්තෝබර් 5 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව  සංවිධානය කරනු ලබන මෙම සැසියේ දී කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට ඉඩ සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවර සැසිවාරය සඳහා ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 41 ක අමාත්‍යවරුන්, විදේශීය නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහ වෘත්තිකයන් 100 කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි  අපේක්ෂා කෙරෙන බවත්, 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

රටවල් 41ක් එන පරිසරය සැසියක් ලංකාවේ

Bamunuarachchi Monday, 25 September 2023 05:59 PM

රටට තවත් අනවශ්‍ය වියදමක්. ඊළඟට විගණකාධිපති වාර්තාව කියයි කෝටි මෙපමණ වියදම් උනා කියලා. නමුත් රටට උන සෙතක් නැහැ කියලා. ඔය වැඩේ දන්න නිසයි ඔයවගේ වැඩකට නැති සම්මෙලන මෙරටට තල්ලු කරලා ඒකට්ටිය මෙහෙ ඇවිත් කාලා බීල ගිහිල්ලා අපි මානව හිමිකම් කඩනවා කියලා අනික් පැත්තට චෝදනා කරන්නේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site