IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රටවල් 12කට ඇමෙරිකා ආධාර නැති වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව ලබා දෙන අරමුදල් කපා හැරීමට ධවල මන්දිරය යෝජනා කර ඇත.

මෙලෙස අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉරාකය, නේපාලය, කොලොම්බියාව, බෙලරූස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, සිරියාව, යුක්රේනය සහ ගැම්බියාව යන රටවල ක්‍රියාත්මක වන යුද අපරාධ සොයා බැලීමේ සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතාගේ මෙරට සිවුදින නිල සංචාරයට සමගාමීව ධවල මන්දිරය ගෙන ඇති මෙම තීරණය අනාවරණය විය.

ඇමෙරිකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන අරමුදල් සමාලෝචනය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියද අරමුදල් හිඟයකට මුහුණදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 



අදහස් (3)

රටවල් 12කට ඇමෙරිකා ආධාර නැති වේ

prasanna Sunday, 29 June 2025 01:46 PM

කිසි ප්‍රශ්නයක් නෑ... අපිට ඩයස්පෝරාවෙන් ඕන තරම් මුදල් ලැබෙනවා.

:       6       15

වික්‍රම විදුර Sunday, 29 June 2025 09:21 PM

අපේ රටේ අසාධාරණ විදිහට එහෙම කරපු අය ඉන්නවා නම් දඬුවම් කරන්න ඕනෑ... හැබැයි බොසෝ බ්‍රිතාන්‍ය, පෘතුගීසි, ලන්දේසි කොරපුවාත් හොයන්න ඕනෑ.... එහෙම කරලා අපි උන්ගෙන් වන්දි ගන්න ඕනෑ.. ඒතකොට ඔබලාගේ ආධාර ඕනෑ නෑ..

:       0       4

randil dunuwille Monday, 30 June 2025 08:15 AM

ඉස්රායෙල්-ඉරාන් යුද්ධය අතරතුරේදී, ඇමරිකාවට හුරේ දාපු අය එකතු කරලා දීපල්ලා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site