IMG-LOGO

රටවල් තුනක් සමග වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

2018 වසරේදී අතර මග නවතා දැමුණු සාකච්ඡාවල තුන්වැනි වටය ආරම්භ කිරීම සඳහා තායිලන්ත නිලධාරීන් එළඹෙන සඳුදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ශ්‍රී ලංකාව සමඟ 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක පමණ ද්විපාර්ශ්වික වෙළඳාම් කටයුතු සිදුකළ චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පෙබරවාරි,මාර්තු මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කේ.ජේ. වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා වැදගත් වන ආර්ථික හවුල්කාරීත්වය ඇති කර ගැනීම සහ මෙරටට ආයෝජන ලබා ගැනීමේ අවස්ථා පුළුල් කර ගැනීම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණ බවත් මෙම වසර අගදී හෝ 2024 වසර මුලදී චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීම තමාගේ ඉලක්කය බවත් වීරසිංහ මහතා පෙන්වා දී ඇත.

 



අදහස් (2)

රටවල් තුනක් සමග වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

ganegoda Friday, 06 January 2023 02:18 PM

මේ දවස්වල විකුණන්න තියෙන්නේ කාන්තාවන් පමණයි නේද?

:       0       1

chandima Friday, 06 January 2023 06:56 PM

සාකච්ඡා ඉවර වෙද්දි ඊළඟ ඡන්දෙට කාලේ හරි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1008 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site