(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික අහේනිය හේතුවෙන් රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තත්වයක් තිබිය හැකි බවයි.
එහෙත් අල්ලස් ගැනීමේ සිද්ධීන් සෑම එකක් පිළිබඳවම අල්ලස් කොමිසමට පැමිණිලි නොකෙරෙන බවත් සමහරුන් අල්ලස්දී තම වැඩ රාජකාරි පහසුවෙන් කර ගැනීමට පෙළඹී සිටින බවත් සඳහන් කළේය.
විවිධ ආහාර වර්ග අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධීන් ගණනාවක්ද පසුගිය කාලයේදී වාර්තාවූ බව අල්ලස් කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් පැවසේ.
අල්ලස් ගැනීම් සහ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ රජයේ උසස් නිලධාරීන් ඇතුළු 83 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මින් වැඩි නඩු ප්‍රමාණයක් ඇත්තේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙනි. එම නඩු සංඛ්‍යාව 55කි.
මේ අතර රටපුරා විවිධ වංචනික ක්‍රියා සහ සොරකම්ද සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ආර්ථික අහේනිය හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත්වලට ණය මුදල් පියවීමද සියයට 50කින් පමණ අඩුවී ඇතැයි බැංකු ආරංචිමාර්ග වලින් පැවසේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රටපුරා තුටුපඬුරු ගැනීමත් වැඩිවෙලා
චන්දන Sunday, 23 October 2022 07:04 AM
පහුගිය දවසක පුස්සැල්ලාව හරියෙ මම ගියපු බස් එකක් නැවැත්තුවා ද්විත්ව සුදු ඉර කැපුව කියල .මම හොඳට දැක්කා එහෙම දෙයක් වුනේ නැහැ කියල . ඊට ඉස්සරහ තවත් වාහන 4ක් එක පෝලිමේ හෙමින් ගියේ. මෙයා ඩ්‍රයිවර් ට කියනව ගොඩින් බේරා ගනිමු කියල . ඩ්‍රයිවර් කිව්වේ නෑ දඩ කොලයක් දෙන්න කියල. වරදක් වෙලා තිබෙනවා නම් බස් එකේ ඉදිරි කැමරාව තිබෙනවා ඒකෙන් බලන්න පුළුවන් කියල . ඒ පාර නෑ යන්න කියල කිවුවා . ඔන්න වැඩ.