IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රැට්ටාට ඇප

(නිමන්ති රණසිංහ)

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු  සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා  ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්   තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝග කළේය.

සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (1)  අත්අඩංගුවට ගනු ලැබීය.

එම  කොට්ඨාශයෙන් කෙරුණු දැනුම්දීමක් අනුව  රතිදු සේනාරත්න නොහොත් රැට්ටා  එහි පෙරේදා පස්වරු 3.50ට  පමණ පෙනී සිටියේය. ඒ අනුව එම   අංශයේදී   පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගැනිණ.

කොළඹ කොටුව බැංකු මාවත ප්‍රදේශයේ ඉකුත් මැයි මස 21 වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   ඔහුට  චෝදනා ඉදිරිපත් කෙරිණ .



අදහස් (7)

රැට්ටාට ඇප

Jinendra Tuesday, 02 August 2022 10:44 PM

මේ වගේ එළොවටත් නැති, මෙළොවටත් නැති යූටියුබ් කාරයින් ප්‍රමෝට් කරනවා ඇරෙන්න... වෙන දෙයක් නෑ.

:       2       1

Gamini Wednesday, 03 August 2022 12:08 AM

සියලු වත්කම් රාජසන්තක කළ යුතුයි.

:       2       1

අතුල Wednesday, 03 August 2022 06:12 PM

රැට්ටාගේ දේපල ඔක්කොම තියෙන්නේ, උගන්ඩාවේ ගුවන් යානා 5, ඩුබායි මැරියෝට් හෝටලේ, සීෂෙල්ස්, සිංගප්පූරුවේ එහෙමත් තියෙනවා. ලංකාවේ නීතියට ඒවා කරන්න අමාරුයි.

:       0       1

chandima Wednesday, 03 August 2022 01:42 AM

දැන් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැහැ මෙ අරගලෙ කොන්ත්‍රාත්තුවක් කියල.

:       3       1

ජයලත් Wednesday, 03 August 2022 09:07 AM

මේකද මේ රැට්ට කියන්නෙ කිසිම ගතියක් නැහැ.

:       1       1

sharm Warn Wednesday, 03 August 2022 09:09 AM

පව් නේ. ලෝකෙටම අණ බෙර ගහලා අත්අඩංගුවට ගත්තේ හරියට ප්‍රභාකරන්ව අත්අඩංගුවට ගත්තා වගේ. ලෝකේ ඉන්න දරුණුම අපරාධකාරයෝ ඇල්ලුවා වගේ ප්‍රචාරය දුන්නේ. විලි ලැජ්ජා කියලා දෙයක් ගෑවිලාවත් නැති ආන්ඩුවකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. පුලුවන්නම් ආයේ ඡන්දේ දීලා පත් කරගන්න.

:       0       2

Bamunuarachchi Wednesday, 03 August 2022 06:53 PM

මූණ දැක්කාම ගහන්න හිතෙන්නේ මට විතරයිද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site