IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


රටකරවන තැනට වසර 40යි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට හෙට (29) වසර 40 ක් සපිරෙයි.

ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය.

ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා විය. 1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ විය.

එවකට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ලැබීය.

ලෝකප්‍රකට ජෙෆ්රි බාවා මහතා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණි. ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණය කොට ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.එතෙක් ගාලු මුවදොර පිහිටි මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු විය.

විශේෂයෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වීමද සිදු විය.

නා ගස් පෙළකින් සමන්විත පිවිසුම් මාර්ගය පසුකරමින් වර්තමාන පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය යුතුය.

මෙහිදී පාර්ලිමේන්තුව මහජනයා වෙත සමීප කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පක්‍රම අනුව ඉදිකර ඇති “අම්බලම” යන සංකල්පය මුල්කොටගත් ස්ථාන කිහිපයක් දැකිය හැකිය. මෙම ස්ථාන දේශපාලඥයන් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයන්හි ජනතාව එක් රැස්වී සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිකරන ලද බව පැවසේ. එසේම පාර්ලිමේන්තු පිවිසුමේදී ජලය පිරි පොකුණ දැකගත හැකිය.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල ආචාර්ය මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දැකිය හැකිය. සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කොට තිබේ.

පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතී. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරල වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකිය. තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරයි.

 

 



අදහස් (7)

රටකරවන තැනට වසර 40යි

සෙනෙවිරත්න Friday, 29 April 2022 06:37 AM

වසර 400 ක් වුණත් කිරි දරුවෝනේ ඉන්නේ...!

:       0       5

Gamunu Friday, 29 April 2022 07:41 AM

ගෞරවණිය පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවති. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරල වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකියි. තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක්කළද වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින්නා වූ අති බහුතරයක් පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගර්භයක තිබිය යුතු ගාම්භීරත්වය විනාශකර තිබේ. රටකරවන තැනට වසර 40යක් වුවද එතැනට පත්වූ අති බහුතරයක් පිරිස නුසුදුස්සන් වීම නිසා සහ රට කරවන තැන සභා ගර්භයක් තුළ කළ, කී දේ පිළිබඳව ජනතාවට කිසිඳු පැහැදීමක් නොමැතිවීමත් නිසාම මේ වනවිට රටේ පුරවැසියන් විසින් එක හඬින් කියා සිටින්නේ ඔවුන් සියලු දෙනාටම GO HOME යනුවෙනි. ඉදිරි වසර 40ක කාලයක් සඳහා නැවත නැවතත් මොවුන්ම පත්කිරීමට රටේ පුරවැසියන් කිසිසේත්ම සූදානම් නැත. මේ වනවිට ලංකාවේ දේශපාලනය චලනය වෙමින් තිබේ. එය නියත වශයෙන්ම ඉදිරියේදී ඇතිවන දේශපාලන සුනාමියක පෙරනිමිති වන්නට හැකිය‍ාවක් පවතී.

:       0       2

Aruna Friday, 29 April 2022 09:38 AM

රටට කෙලවන තැන...

:       0       6

Nandalal DE SILVA Friday, 29 April 2022 02:14 PM

‘‘රට කරවන තැන‘‘ කිව්වට, ඒක ඇතුළේ ඉන්න රට උලාකාලා දියවන්නාවෙන් වතුර බොන රංචුවක් කිව්වොත් එය කාලෝචිත නොවේද?

:       0       2

sharm warn Friday, 29 April 2022 03:36 PM

රට කරවන තැන අවුරුදු 40 ක් යද්දී රටට විනකරපු තැන බවට පත්වීම හරිම කණගාටුදායකයි නේද?

:       0       1

ලක්සිරි පැරිස් Friday, 29 April 2022 04:58 PM

රට කාපු තැනට අවුරුදු 40 යි...

:       0       1

ගමේ එකාලා. Friday, 29 April 2022 05:40 PM

ඉන්න දූෂිත දේශපාලුවන්ගේ හැසිරීම් දිහා බැලුවාම සත්තු ඉන්න තැනක් වගේ. ඇහෙන්නෙත් ඒ වගේ නම් නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 940 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site