IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රටකජු වගාවක සිටි තරුණයෙක්ට වලස් ප්‍රහාරයක්

( ප්‍රසාද් රුක්මල් ) 

බුත්තල ප්‍රදේශයේ රටකජු වගාවක පැලක සිටියදී වලසකුගේ ප්‍රහාරයට ගොදුරු වී වලසා සපාකෑමෙන් සහ පහරදීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ප්‍රතිකාර ලබා දී තරුණයාගේ දිවි බේරා ගැනිමට හැකි වූ බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උපලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (20) පැවසීය .

බුත්තල ප්‍රදේශයේ පදිංචි ආර්.එම්..සුගන්ද පැතුම් (28) නැමති තරුණයකු මෙසේ වලස් ප්‍රහාරයට ගොදුරු වී ඇත.

මොහු මිතුරෙකු සමඟ බුත්තල  කතරගම මාර්ගය ආසන්නයේ පිහිටි රට කජු වගාවක පැලක සිටියදී කැලෑවේ සිටි වලසකු එක්වරම පැලට කඩා වැදි මොහුගේ ඇගට පැන සපාකමින් මොහුට පහරදී මට පටන් ගත් බවත් , මොහු කෑගසමින් වලසා සමඟ පොරබැදීමේදී වලසා පැන කැලෑවට දිව ගිය බවද සුගන්ද පැතුම් කීය .

ඒ  සමගම මිතුරා දිව ගොස් ඒ අසල ගසකට නැග දිව් බේරාගත් බවත් , පසුව යලිත් වරක්  වලසා ඇවිත්  ඇගට පැන සපාකන්නටවු බවත් ඒ.සමගම මිතුරා පොල්ලක් රැගෙන විත් වලසාට පහරදී මේදි වලසා තමාව අතහැර කැලෑව දෙසට දිවගිය බවත් ,ඇගපුරා ලේ ගලමින් තිබු තුවාල වලට කැලෑවේ තිබූ කොල වර්ගයක් තලා පොඩිකර මිතුරා දැමූ බවද හෙතෙම පැවසීය .

(වෛද්‍යවරයා )



අදහස් (4)

රටකජු වගාවක සිටි තරුණයෙක්ට වලස් ප්‍රහාරයක්

චන්දන Wednesday, 20 December 2023 09:37 AM

මිතුරාටත් වෛද්‍යවරුන්ටත් පින්!

:       0       24

Mohan Mangala Wednesday, 20 December 2023 01:43 PM

මේ ඉන්නේ වලහද?

:       6       2

ගාමිණී Thursday, 21 December 2023 12:38 AM

වලස්සු ඉන්න තැන් වල රටකජු වවන්නේ කව්ද. හේනට ඇවිත් පැලේ ඉන්නවට වලස්සු කැමති නෑ. මේ යටින් දාල ඉන්න මහත්තයා අරයගෙ යාළුවද. එයා රටකජු වවයි කියලා හිතන්න නම් අමාරුයි... ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන්සරණයි.

:       0       0

A friend of bears Thursday, 21 December 2023 07:11 AM

'සතුරන් එළවා දැමිය හැකි මිතුරන් පමණක් තබා ගන්න' කියා වලසා ගොදුරු වූ පුද්ගලයාට කීවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site