IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජ පවුලට වසරකට රජයෙන් කෝටි 3552ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

රජ පවුලේ වියදමට බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 118.50 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3552 ක් පමණ) මුදලක් මෙම වසරේදීද බ්‍රිතාන්‍ය රජය ලබාදී ඇතැයි පසුගියදා රජ පවුල නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවෙන් අනාවරණය විය.

බ්‍රිතාන්‍ය රජය ස්වෛරී ප්‍රදානය ලෙස හඳුන්වනු ලබන මෙම ප්‍රදානය රාජකීය මාළිගා නඩත්තු කිරීමටත්, රාජකීයයන්ගේ නිල රාජකාරි කටයුතු සිදුකිරීමටත් ලබාදෙයි.

එයට හිලවු ලෙස රාජකීය පවුලට අයත් දේපළවලින් ලැබෙන ආදායම බ්‍රිතාන්‍ය රජයට ලබාදේ. එයට මධ්‍යම ලන්ඩනයේ දේපළ විශාල ප්‍රමාණයක්, ඇස්කොට් තුරඟ තරඟ පිටිය සහ එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය වටා ඇති මුහුදු පත්ල ඇතුළත් වේ.

මෙම ගනුදෙනුව 1760 වසරේ සිට සිදුව එන්නක් වන අතර ස්වෛරී ප්‍රදානය රාජකීයයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ වියදම් ගිණුම වැනිය. එම මුදල සංචාරක හා කාර්ය මණ්ඩල වියදම ඇතුළු මහජන කටයුතු සඳහා රාජකීයයන්ට අවශ්‍ය වියදම් පියවනු ලබයි. නමුත් එයට ආරක්ෂක වියදම් ඇතුළත් වන්නේ නැත.

ස්වෛරී ප්‍රදාන මූල්‍ය වාර්තාවට අනුව රාජකීයයන් පසුගිය වසරේදී එක්සත් රාජධානිය තුළ සහ පිටත මහජන කටයුතු 1900 ක් පමණ පවත්වා ඇති අතර නිල රාජකීය මාළිගාවල පැවති උත්සව 828 කට අමුත්තන් 93,000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.

 



අදහස් (1)

රජ පවුලට වසරකට රජයෙන් කෝටි 3552ක්

රුවන් Tuesday, 01 July 2025 04:02 PM

මහින්ද මහත්තයාට නම් ඩොලර් බිලියන ගානක් ගියා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site