IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න

(ඩයනා උදයංගනී)

තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ද කෝටි තුන හමාරක භාණ්ඩ නැති වී ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී ඇති බවට පුවත් පළවී ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තමන් එම විගණන වාර්තාව නොදුටු බවත්, ජනාධිපති මාධ්‍ය අංශයේ මෙන්ම ලේකම් කාර්යාලයේ ඇති භාණ්ඩ කිසිවක් ජනාධිපතිවරයාට අයිති නොවන අතර, ඒවා භාරව නිලධාරීන් සිටින බව ද කීවේය.

තමන් දන්නා තරමින් තමන් ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ භාණ්ඩ සිටිල්ල, එවක සිටි මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව භාරදුන් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ස්ථානයන්හි තිබූ භාණ්ඩ නොමැති නම් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් එම පරීක්‍ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (5)

රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න

tikira Thursday, 27 October 2022 03:36 PM

දැන් එවා ඔක්කොම " මඩුවලිගෙ සිරිසේනගෙ " ගෙදර සවිකරල තියනවලු .. අර ජනාදිපති වෙලා හිටියකාලෙ නිරුවතින් කමෙරාව ඉස්සරහ නටපු හැටිත් එකෙ තියනවලු ..

:       1       4

Surathalaa Thursday, 27 October 2022 04:26 PM

ඔබතුමා සොරෙකු නොවෙ. හොරුන් අල්ලන්න්නට පැමිනි ඔබ වසර පහකට එක සොරෙක්වත් අල්ලුවෙනැති වරද අපේද?

:       0       0

ravin Thursday, 27 October 2022 04:39 PM

තමුන්ගෙ පවුලෙ උදවියටත් මාඩ්ය හා සම්බන්ඩ ආයාතන තියෙනවා නේද? නරකද එ අයගෙන් අහලා බැලුවානම්? ඉස්සර හිටපු කෙනෙක් ලොකුවංචාවකටත් සම්බන්වෙදලා නිලදාරින් පිට පටවලා යාන්තම් ශේ උනාලු නේද? ඔයදේවල් ගැන දන්නො දනිති.

:       0       0

Hafeel Thursday, 27 October 2022 05:23 PM

මෙම පරීක්ෂණයට සම්පූර්ණ සහාය දෙනවා කියල කියනව. හැබයි පාස්කු ප්‍රහාරය නඩුවෙන් ඔහුව නිදහස් කරන්නයි කියල අභියාචනාවක් ගොනු කරලා තියන්නේ. මේක සාධාරණද?

:       0       0

Bamunuarachchi Thursday, 27 October 2022 05:28 PM

එහෙම ගෙන ගිය ජනාධිපති වරු සිටියා. එහෙව් අයගේ අතීතය බැලුවාම ලැවරිය අයිස්ක්‍රීම් විකුනපු අය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site