IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවෝ 200ක්

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් ආසාදනයවූ දරුවන් 200දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.

ඉන් සිවු දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් දරුවන්ගේ තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කොවිඩ් ආසාදිත දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා තවත් වාට්ටුවක් අද (26) වෙන් කෙරුණු බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

මෙසේ වෙන් කර ඇත්තේ රෝහලේ 8 වෙනි වාට්ටුවයි.

කොවිඩ් රෝගීන් සඳහා ළමා රෝහලේ මේ දක්වා වෙන්කර ඇති වාට්ටු සංඛ්‍යාව හයකි.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අතරේ සෙසු රෝගී රෝගී ළමයින්ටද ප්‍රතිකාර උපරිමයෙන් ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (2)

රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවෝ 200ක්

Sriland Thursday, 26 August 2021 03:58 PM

කොරෝනා එන්න කලින් ඔය හොස්පිටල් එකේ සෙම රෝග තියෙන ළමයි කියියක් හිටියද.?

:       0       1

Sithija Thursday, 26 August 2021 06:50 PM

මීඩියා ඉස්සරහ රඟනොපා රෝහලේ පරිපාලනය ගැන බලා ගත්ත නම් හොඳයි නේද මහත්තයෝ.. හැම රෝහලකම රෝගීන් වැඩිවෙලා තමයි. හැබැයි කවුරුත් ඒකට වැඩකරනවා මිසක් ඔහොම කියව කියව ඉන්නෙ නෑ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13560 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site