(විමුක්ති එස් රුද්‍රිගු)
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයට වැරදිකරුවන් ව නිදහස ලැබූ සයදෙනා අතර සිටින ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මෙරටට එවීමට කටයුතු කරන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
එම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා නිදහස් වීමෙන් පසුව ට්‍රිචි හි සරණාගත කඳවුරක් වෙත රැගෙන ගිය බව ට්‍රිචි හි දිසාපති ප්‍රවීන් කුමාර් මහතා ප්‍රකාශ කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති බවත් දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මොවුන්ගේ පුරවැසිභාවය පිළිබඳ තහවුරු කරගැනීම සඳහා විමසා ඇති බවත් ප්‍රවීන් කුමාර් මහතා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
මෙම පුද්ගලයන් හතරදෙනා පිළිබඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටින බව කුමාර් මහතා ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජිව් ඝාතනයෙන් නිදහස් වූ හතරක් යළි මෙරටට