IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


රාජ්‍ය සේවයට ඇත්තේ ඉතිහාසයේ නටබුන් පමණයි

(අංජුල මහික වීරරත්න)

නටබුන් වී ඇති රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය තුළින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වත්මන් රාජ්‍ය සේවයට ඇත්තේ නටබුන් වූ ඉතිහාසයක් පමණක් බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය(2025-2029)හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(19) පැවැති උත්සවයේදීය.

පුරවැසියන් රාජ්‍ය සේවය ගැන තෘප්තිමත් නැති බව කී ජනාධිපතිවරයා රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිද බව පිළිබඳ ගැඹුරු අර්බුදයකට මුහුණ දී තිබෙන බව සඳහන් කළේය.

" අප ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය විය යුත්තේ ඩිජිටල්කරණයයි.ඩිජිටල්කරණයෙන් මිනිස් සබඳතා නැතිවේවි යැයි ඇතැමුන් කියනවා.මිනිස්සු ස්වභාවිකවම හැඟුම්බරයි.සමාජ සබඳතාවලින් පිරිලා. ඒ නිසා එහෙම දෙයක් වෙන්නේ නෑ. යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (9)

රාජ්‍ය සේවයට ඇත්තේ ඉතිහාසයේ නටබුන් පමණයි

pj Friday, 19 September 2025 11:25 AM

ඩොලරය 305.75 මෙයාට රටම නටබුන් කරන්න තව වැඩි කාලයක් අවශ්‍ය වන ඒකක් නැහැ.

:       12       15

ගුණරත්නFriday, 19 September 2025 01:46 PM

88/89 කාලේ රාජ්‍ය ආයතන ගණනාවක් නටඹුන් වුණා. මහජනයාට අවුරුදු ගණන් බලන් ඉන්න වුණා. විනාශ වුණු ලියවිලි හදාගන්න. තව කෝටි දහස් ගණන් වියදම් වුණා. අලුතෙන් ගොඩනැගිලි හදල සේවා යථාවත් කරන්න. ඉතින් අනුර කුමාර ජනාධිපතිතුමා රාජ්‍ය සේවා ඉතිහාසේ නටඹුන් ගැන පැවසීම නිවැරදියි.

:       5       16

සෙනෙවිරත්න Friday, 19 September 2025 11:54 AM

මෙයාගේ කටේ තියෙන්නෙම ගැලරි භාෂාවේ එන පාපිසි, සුන්බුන්, නටබුන් වගේ පහත් වචන. රජ පුටුවේ ඉන්දුවත් ආරේ ගුණ නෑරේ කියනවනෙ. පව්.

:       1       14

Sudda Friday, 19 September 2025 01:48 PM

රාජ්‍ය සේවය නටබුන් කරන්න ජේවීපී වෘත්තීය සමිති සෑහෙන සේවයක් කරපු බව ජනාධිපතිතුමාට අමතකද​. බොහෝ දේවල් සේවක මානසිකත්වය වගේම දේපොල විනාශ කිරීම්වලටත් ඔබලා මුල් වුණා. අනික මේ කියන්නේ ගුරු වෘත්තිය පවා නටබුන් කියලනේ. මෙයාලට උගන්වපු ගුරුවරුන්ට පවා මේ අපහාස කරන්නේ. එක පැත්තකින් මෙහෙම ගෝලයෝ හදපු ගුරුවරුන් මේ කතා අහන්න සුදුසුත් ඇති.

:       2       16

අරවින්ද මොණරවිල Friday, 19 September 2025 04:26 PM

ඕවා බයි තර්ක, රාජ්‍ය සේවය මේ තරමට හරි ඉතුරු වෙලා තියෙන්නේ ජ. වි. පෙ. වෘත්තීය සමිති නිසා තමයි. එහෙම නැත්නම් 1977 බලයට පත් වුණු ආණ්ඩු කරන්න හැදුවේ රාජ්‍ය ආයතන විකිණීම බදු දීම හා ඈවර කිරීම...

:       11       1

ගුණසේකර Friday, 19 September 2025 05:50 PM

අරවින්ද මොණරවිල, තමන් වහලෙක් වුණාට අනිත් අය මෝඩයි කියලා හිතන්න එපා. මේ දවස්වල ලංවිම විකුණන්න යන්නේ සහ තවත් රාජ්‍ය ආයතන 33 ක් විකුණන්න යන්නේ එතකොට අනුර දැන් ජවිපෙ නෙමෙයිද?

:       1       9

Saman Friday, 19 September 2025 03:32 PM

රජ්‍ය සේවය මඟින් තමයි මේ රට මෙතරම්වත් රැක ගත්තේ. ආවේ මහ බැංකුවේ හොරා කාපු සල්ලි, දේශපාලකයො හොරා කාපු සල්ලි ජනසතු කරන්නනේ.මේ වනතුරු ශත පහක්වත් ජනසතු කරන්න බැරි වුණා. ඒකට රාජ්‍ය සේවකයෝ පලි නෑ.

:       2       13

Samare Friday, 19 September 2025 07:51 PM

ඉහලට යන්න උදවු වුණු ඉනිමගට පයින් ගහන එකට උදාහරණයක්. රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද තොග පිටින් ගත්ත මාලිමාව දැන් ඉතින් රාජ්‍ය සේවකයන්ව දෙකේ කොලේ ගාණට කපලා.

:       0       2

Hira Saturday, 20 September 2025 07:48 AM

කටේ ති​යෙන්නේම බාල, හිස් වචන... මේ කතා කරන්නේ රටේ ජනාධිපතිද? හන්දියේ ත්‍රිවිල් පාක් එකේ අයියා කෙනෙක්ද? ලැජ්ජයි බන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site