IMG-LOGO

රාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක්

 

(ඩයනා උදයංගනී)

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම  වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන්  නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට 2022 ජුනි මස 13 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබූ අතර, එම කමිටුව ලබාදුන් නිර්දේශ පරිදි මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන යෝජනාවට මෙම අනුමැතිය හිමිවිය.



අදහස් (5)

රාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක්

තරංග Tuesday, 06 September 2022 04:12 PM

කවුරු හරි දන්න කෙනෙක් කියනවාද, ත්‍රිවිද හමුදාවට මේක අදාල වෙනවද කියලා..?

:       2       34

සුරංග Tuesday, 06 September 2022 06:45 PM

අවුරුදු පහක් අවසානයේ එනවිට තමන්ගේ පුද්ගලික ලිපිගොනුව ඉතිරිව තිබුණොත් හොඳටම ඇති.. මොකද සමහර ආයතන එම ආයතනය ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තු කළයුතු ලිපිගොනුව හා ලොග් සටහන් පොත පවා විනාශ කර එම ආයතනවල සිටි ප්‍රධානීන්ගේ නම් ලැයිස්තු අනුව පේනවා.

:       0       7

ඩි ගුරැගේ Tuesday, 06 September 2022 08:14 PM

අර්ධ රාජ්‍ය සේවයේ අයට නැද්ද?

:       0       5

Danuska Wednesday, 07 September 2022 07:03 AM

ත්‍රිවිධ හමුදාවත් එක්කද?

:       0       0

සකල ගුරු Wednesday, 07 September 2022 09:49 AM

වයස අවුරුදු 55 ක කෙනෙක් මෙම නිවාඩුව ගත්තම කොහොමද වෙන්නෙ .රිවස් චක්‍රලේඛ නිකුත්නොකර එකවරම පැහැදිලි චක්‍රලේඛය නිකුත්කරන්න.ඉඩමක් දේපොලක් තියෙන කෙනෙකුට නම් ඉතාමත් හොදයි කර්මාන්තයක් කරන්න දන්න අයටත් තාක්ෂණික අංශවල අයටත් දක්ෂ ගුරුවරුන්ටත් හොදයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site