(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයට 2016 න් පසු බඳවාගත් සේවකයන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමුකර ඇතැයි අගමැති සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාලිමේන්තුවේදී අද (17) පැවසීය.
පැවති රජය 2016 වර්ෂයේදී දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හදුන්වා දිමට තීරණයක් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර හෝ නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.