
(අංජුල මහික වීරරත්න)
නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති හමුවකදීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක් පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ලැබිණි
එම හදිසි ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත වියෙ
යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.
කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමේ හැකියාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 10-15 තුළ මෙම නව පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට ජනපති හදිසියේ යයි
nimesh Monday, 25 March 2024 08:26 AM
දේශපාලකයන්ට වැඩියෙන්ම බැන බැන සමාජ ජාලවල කෑගහන්නෙත් දොස්තරලමයි. දේශපාලකයන් තමන්ගෙ දීමනා පමණක් වැඩි කරගන්නකොට වැටුප් පතේ පින්තූරත් එක්කම සමාජ මාද්‍යවල පුදුම විදියට වැලපුනේ. හබැයි දොස්තරලට විතරක් 35,000 ක් වැඩි කලාම මීක් නෑ. එක ඉතාම සාධාරනීයකලා. දැන් තමන්ගෙ රැස්වීම් වලටත් ජනාධිපතිට ආරධනා කරනව. ඕක තමා කියන්නෙ කන්න ඔනි වෙනකොට කබරගොයත් තලගොයා වෙනව කියල.
පිටරටවැසියා Monday, 25 March 2024 01:23 PM
Nimesh, කන්න ඕන වෙනකොට, තුවාලෙත් ලෙවකනවා කියලා කියන්න, අදට ගැලපෙන විදිහට..