IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජයේ වැඩකට විපක්ෂය අත ගසයි

(නිමල කොඩිතුවක්කු)

වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව කළ යුතු දේ විපක්ෂයට කිරීමට සිදුව ඇති බවත් ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය බලයක් නොමැතිව වුවත් වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කරමින් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය.

කිරිදිඔය ව්‍යාපාරය මෙන්ම රටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර මිල සූත්‍රයක ඇති කර දෙන බවත් “කෘෂි උදාව” වැඩසටහන යටතේ සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් කිරිදිඔය ව්‍යාපාරයට අයත් දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.



අදහස් (0)

රජයේ වැඩකට විපක්ෂය අත ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site