IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි

(ප්‍රසංග සිලවා)

රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම්  පාන් මිල අඩු කළ හැකි බවයි.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ බේකරි නිශ්පාදන අමුද්‍රව්‍ය මිල  විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ ජයවර්ධන මහතා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සදහන් කලහ.

රුපියල් 200 කට ලබා දිය හැකි පාන්පිටි සදහා මාෆියාව හේතුවෙන් රුපියල්280 කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇතැයි ද සදහන් කළේය.

බිත්තර වල මිලද ඉතා අසාධාරණ ලෙස වැඩිවී ඇති බවත්, බිත්තරවලට රජය පාලන මිලක් පැනවුවද අද වනතුරුත් පාලන මිලට බිත්තර වෙළඳ පොළෙහි නැති බවද ඔහු පැවසීය.

රජය හා බලධාරීන් ගේ සහය ලැබේ නම් රුපියල් 190/= වැනි අධික මිලක් ඇති ගෑම් 400 ක පාන් රාත්තල රුපියල් 50/= කින්ද රුපියල් 100/ වැනි මිලකට අලෙවි වන බනිස් ගෙඩියක් රුපියල් 25/= කින්ද එසේම අනෙකුත් බේකරි නිශ්පාදන මිල සැලකියයුතු ප්‍රමාණයකින් ද අඩු කල හැකි බව ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියහ.

රජය මැදිහත් වී මෙම ගැටළුවට සහයක් ලබා නොදුන්නොත් බිස්කට් කන්න එපා යැයි රටේ ජනමතයක් හැදුනා සේ බේකරි නිශ්පාදන මිලදී ගන්න එපා යැයි රටතුළ ජනමතයක් ඇති විය හැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

 



අදහස් (3)

රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි

යෝගා Monday, 22 August 2022 03:14 PM

රජය මැදිහත් වෙන්න අවශ්‍ය නෑ. ඉල්ලුම හා සැපයුම අනුව ඔයගොල්ලන්ට මිල අඩු කරන්න වෙයි

:       1       5

පුරවැසියා...... Monday, 22 August 2022 03:52 PM

ජයවර්ධන මහත්තයා, පාන් ගෙඩියක මිල ඉහළ දමා ඇතත් ග්‍රෑම් 450 ක බරින් තිබේදැයි සොයා බලා තිබේද?

:       0       6

Indika Monday, 22 August 2022 04:11 PM

රජය අඩුකරන්න දෙයක් නෑ. අපි දැන් ඔය මිලට ඕවා කන්නේ නැහැ. ඒක නිසා ඔයාලාම හදලා කාපල්ලා... අපි දැන් එහෙමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site