IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය බැංකු වලට වෙනසක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය හිමිකාරීත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත  ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතාවයන් හේතු කොටගෙන පසුගිය කාල සීමාවේ පැවති ආර්ථික අර්බුදය අතරතුරදී එම බැංකු වලට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි රජය කියයි.

එවැනි දුෂ්කරතාවයන් නැවත ඇතිවීම වැලැක්වීම අරමුණු කරගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන වල සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මගින් හඳුනාගෙන තිබෙන බවද රජය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ලද විස්තීරණ මූල්‍ය පහසුකම් වැඩසටහන තුළ අන්තර්ගත ව්‍යුහාත්මක අවශ්‍යතාවයක් වශයෙන් මෙන්ම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් යටතේ වන මූලික ක්‍රියාකාරකම් වශයෙන් ද එකී ප්‍රතිසංස්කරණ කඩිනමින්  ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජය කියයි.

එම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



අදහස් (1)

රාජ්‍ය බැංකු වලට වෙනසක්

wedage Wednesday, 10 April 2024 12:28 PM

බලයක් නොමැති රනිලා මොනවාහරි ගැටයක් දායි... පුළුවන් නම් වැඩිහිටි 15% පොලියට හදලා දෙන්නකෝ...!

:       5       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site