IMG-LOGO

රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නියෝගය ප්‍රජාතන්ත්‍ර විරෝධී

(අජන්ත කුමාර අගලකඩ)

මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබියදී ඒ සඳහා ඇප මුදල් බාර ගැනීමෙන් වළකින්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දරුණුම ප්‍රහාරයක් බව නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එය සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඊට එරෙහිව මේ ආකාරයට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයටවත් නොහැකි බව පැවසූ අලහප්පෙරුම මහතා මෙයට දැඩිසේ විරෝධය පළ කරන බවද ප්‍රකාශ කළේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඊට අදාළ සියලු කටයුතු නිල බලයෙන් පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් ඒ කටයුතුවලට බාධා කිරීමට කිසිවකුටත් හැකියාවක් නැති බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

රජයේ මේ අනීතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

රාජ්‍ය පරිපාලන ලේකම්ගේ නියෝගය ප්‍රජාතන්ත්‍ර විරෝධී

sunil Wednesday, 11 January 2023 08:16 AM

මේ පරිපාලන ගොන් තඩියන්ට නීතිය ගැනවත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් දැනුමක් නැහැ.ඔවුන්ගේ විශේෂම දක්ෂතාවය මැති ඇමතිලා ගහන ගහන පදේට නටන එක

:       0       15

Rocky Wednesday, 11 January 2023 11:46 AM

මොහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දිය යුතුයි .අනීතික තීරණ ගන්න මෙබඳු මීහරක් නිලධාරීන් රටට සාපයක්.සේවයෙන් පහ කරනු

:       0       5

Ariyathilaka Wednesday, 11 January 2023 12:25 PM

ලංකාවාසී ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන අනීතික රාජ්‍ය බලපෑම් පිළිබඳව, එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් මැදිහත් වී විමසුමට බඳුන් කළ යුතු ය. පරීක්ෂාවට ලක් කළ යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි බල තල ප්‍රතිබාහනය කිරීමට, මහජන මුදලින් පඩි බලන රජයේ නිළධාරීන්ට හෝ කිසිවෙකුටත් ම හෝ බලයක් හිමි කමක් නැත. එසේ යමෙක් කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාය වලපල්ලට යැවීමට කරන උත්සාහයක් බව ද කිව යුතු ය. මෙම ක්‍රියාව සම්බධව, එකසත් ජාතීනගේ සංවිධානය විසින්, වහා මැදිහත් වී සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රියා කළ යුතු බව අපගේ අදහස ය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීම සහ යුතුකම ය.

:       0       4

sharm warn Wednesday, 11 January 2023 02:41 PM

ප්‍රජාතන්ත්‍ර විරෝධී හොරෙක් පිනට ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවක් තියාගෙන ඉන්න කමක් නැතිනම් මේකෙ ප්‍රජාතන්ත්‍රවාදී කම ගැන හොයන්න වදවෙන්න එපා. මොකද පළමු එක මීට වැඩිය දරුණුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site