(අංජුල මහික වීරරත්න)
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් විධි විධාන ආයතන සංග්‍රහයේ 1 වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ ඇතුළත් වේ.
දිවයිනෙන් බැහැරව නිවාඩුවක් ගත කර පැමිණ මාස 9ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කිරීමට පෙර නැවත දිවයිනෙන් බැහැර නිවාඩුවක් ඉල්ලුම් කරන රජයේ නිලධරයකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තියේ විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැක්කේ එම වර්ෂයට අදාළ විවේක නිවාඩු කිසිවක් ඒ වන විට ලබා ගෙන නොමැති නම් පමණි.
එකී විධිවිධාන අනුව යම් නිලධාරියෙකුට එක් ලිත් වර්ෂයක් තුළදී පෞද්ගලික කාරණ සඳහා විදේශගතවීමට හැකියාව පවතිනුයේ උපරිම වශයෙන් දෙවතාවක් පමණි.
වර්තමානයේදී රජයේ නිලධරයන් රාජකාරි අවශ්‍යතා සඳහා මෙන්ම, පෞද්ගලික අවශ්‍යතා සඳහා ද කෙටිකාලීනව විදේශගත වන බැවින් ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ 8.5 උප වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කිරීමේදී විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වන බව නිරීක්ෂණය වේ.
එබැවින්, මෙ රටින් බැහැරව ගත කරන නිවාඩුවකින් පසු රාජකාරියට වාර්තා කළ නිලධරයෙකු, එම වර්ෂයේදීම නැවත වරක් විදේශ නිවාඩු ලබා ගැනීමට අදහස් කරන විට එම නිලධරයාට එසේ නිවාඩු ලබාගන්නා වර්ෂයට හිමි ඉතිරි විවේක නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
de silva berlin Wednesday, 05 February 2025 07:39 PM
මෙහෙම නීති ලෝකේ කොහේවත් නැතුව ඇති යම්කිසි පුද්ගලයෙකුට නිවාඩු. තිබෙනවා නම් ඔහුට හෝ ඇයට නිවාඩුව කැමැති තැනක ගතකරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ත්‍රිවිද හමුදා, පොලිස් වැනි සංවේදී රජයේ සේවකයින් ඇරුණාම අනික් මිනිස්සු නිවාඩු කොහේ ගතකළත් කාටවත් ඇති අමාරුව කුමක්ද?