IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රාජ්‍ය නිලධාරීන්ගේ හොඳ තීන්දු ගැන ස්තුතියක් වත් නෑ

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණ වලදී රජයට ලාභයක් සිදු වූ විට කිසිදු ස්තුතියක් වත් පළ නොකෙරෙන බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ අග්‍රාමාත්‍ය උපදේශකවරයකු ලෙස ක්‍රියා කළ  චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(4) මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එහිදී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. 

මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව පිහිටුවීමටත් එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙක්. 

එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියෙකු ලෙස අප ඔහු දැන හඳුනාගෙන සිටිනවා.

රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩා වැටුනු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා. 

අපරාධ හැර අනික් අවස්ථා වල රාජ්‍ය සේවකයන් බොහොම පරිස්සමින් හැසිරවීම කළ යුතුයි යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

 



අදහස් (4)

රාජ්‍ය නිලධාරීන්ගේ හොඳ තීන්දු ගැන ස්තුතියක් වත් නෑ

වින්සන්ට් කජ්ජා Tuesday, 04 November 2025 08:22 PM

හොඳ තීන්දු ගන්න තමයි රාජ්‍ය සේවකයෝ ඉන්නේ. ඒ අයට ගොන් තීන්දු අරගෙන ජනතා බදු මුදල් එක්ක සෙල්ලම් කරන්න අයිතියක් නෑ. අනික මේ පුද්ගලයා රාජ්‍ය සේවකයෙක් නොවේ. ආණ්ඩුවේ සේවකයෙක්.... ඒ වෙනසවත් මෙයා දන්නෑ...

:       0       0

කෞෂි Tuesday, 04 November 2025 08:28 PM

පණිවිඩය - සංවේදී අය හොර වැඩ කෙරුවට කමක් නෑ...

:       0       0

කව්ද බෝයි Wednesday, 05 November 2025 08:26 AM

මොකටද අමතර ස්තූතියක්? වැටුප් සහ අනෙකුත් දීමනා සියල්ලක්ම ජනතා බදුමුදල් වලින් දෙන්නේ කරන රැකියාවේ කටයුතු නොපිරිහෙලා ඉටුකරන්න. ජනතා බදුමුදල් වලින් ප්‍රසාද දීමනා දියයුත්තේ ඒ කටයුතු නිසි ආකාරයටත් වඩා උපරිමයෙන් කළ පසුවයි. දේශපාලනයටත් මේ තියරිය අදාලයි, ගව සම්පතට මේවා නොතේරුණාට..!

:       0       0

කපුරුහාමි Wednesday, 05 November 2025 02:38 PM

තමුන්ලා ගැන උනත් කියලා වැඩක් නැහැ. බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. කෙළෙහි ගුණ දක්වපු හැටි පහුගිය කාලය පුරාවටම අපි දැක්කා. ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා, රීරි මාන්ස හූරාගෙන කාපු හැටි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site