IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී

(සුජිත් හේවාජුලිගේ )

රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අතර මෙම වසරේ මුල් මාස පහ තුළ රජයේ සාමාන්‍ය දිනක වියදම රුපියල් කෝටි 1425 ක් බව පැවසූ මේ අනුව තම සියලු වියදම් පියවා ගැනීම සඳහා රජයට දිනකට රුපියල් කෝටි 677කට ආසන්න ණය මුදලක් ගැනීමට සිදුව ඇතැයිද ඔහු කීවේය.

රජය සිය වියදමින් සියයට 91 ක් දරන්නේ පුනරාවර්තන වියදම්(පඩි නඩි) සඳහා බවත් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කෙරෙන්නේ සියයට 9 ක් බවත් වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මේ අතර මෙම වසරේ පසුගිය මාස පහ තුළ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 112243 ක් බවටත් රජයේ වියදම රුපියල් කෝටි 213710ක් බවටත් වාර්තා වන්නේ යැයි හෙතෙම සඳහන් කළේය.

රජය 2023 අයවැය අනුව ආදායම ලෙස රුපියල් කෝටි 341500 ක් අපේක්ෂා කළද මුල් මාස පහ තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 112243 ක් පමණක් බවද ඔහු පැවසුවේය.

 



අදහස් (2)

රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී

pakeer Saturday, 12 August 2023 06:49 PM

පුළුවන් නම් වෙළෙඳ දැන්වීමක් හදන්න. අද මෙච්චර ණය වුණා... දැනට මෙච්චරයි. අන්න ඒ වගේ... ඒක තමයි කියන්නේ ණය අරන් මේක කරන්න බැහැ... දියුණු කරන්න ඕනෑ පිටරටවල්වලට සපයන සේවා. නිෂ්පාදන වැඩි කරන්න. ණයම ගන්න එපා.

:       0       0

මහසෙන් Saturday, 12 August 2023 07:14 PM

අවුලක් නෑ... 2048 නේ අපි ණය බරින් මිදෙන්නේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site