IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයේ කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 20ක හිඟ මුදල් ගෙවයි

 

(අංජුල මහික වීරරත්න)

රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතය. ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුවේ ගෙවීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද රණතුංග මහතා කියයි.

මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතුවූවන්ට සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුව මෙම සතියේ දී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි.

මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු සහ වක්‍ර රැකියාවල ලක්ෂ 10 ට ආසන්න පිරිසක් නියුතු වෙති.

කොන්ත්‍රාත්කරුවන්ට රජයේ ආයතන මඟින් ගෙවීමට ඇති රුපියල් බිලියන 122 ක මුදුලක් ගෙවීම ප්‍රමාද වී තිබේ. 



අදහස් (2)

රජයේ කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 20ක හිඟ මුදල් ගෙවයි

Sunil Wednesday, 26 October 2022 03:44 PM

122 න් 20 ක් කියන්නේ මොන සොච්චමක්ද? එයටත් රජයේ අවධානය යොමු වෙලා පමණයි. ගෙවීම ස්තිර නැහැ. ඉතිරි සුවිසල් මුදල් ප්‍රමාණයෙනුත් තවත් සුළු කොටසක් ලබා ගන්නට එන වසරේ මාර්තු වෙනකල් ඉන්න වෙයි. එයිනුත් ඉතුරු මුදල් ලැබෙන්නේ කවදද? කෙදිනක හෝ ලැබෙන්න නම් එයට වසර කිහිපයක් ගත වෙයි. එතෙක් මේ ආතනවල සේවකයන් සහ ඔවුන්ගේ දරු පවුල් හාමතේ. ව්‍යාපෘති ආරම්භ කළ යුත්තේ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇත්නම් පමණයි. මේ ව්‍යාපෘති ආරම්භ කරන් උපදෙස් දුන් බූරි ඇමතිලා කවුද? උනට නම් දැන් සැපයි. ලූණු කෑවද?

:       1       2

fairoos Wednesday, 26 October 2022 07:50 PM

ඔබතුමාට සහ නෑදෑයන්ට අයිති කොම්පැනි කීයක් අර ලිස්ට් එකේ තියනවද කියලත් හෙව්වනම් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site