(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අයැදුම්පත් ඔක්තෝබර් 30 වැනිදා දක්වා බාර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිර්මාණ සඳහා වයස් සීමාවක් බලනොපාන අතර උපරිමය විනාඩි 15 කට සහ අවම කාලය විනාඩි පහකට 5කට සීමා වන ලෙස නිර්මාණ යොමු කළ යුතු වේ.
හොදම කෙටි චිත්‍රපට තුනක් සඳහාත් හොඳම තිර පිටපත, හොඳම නළුවා සහ නිළිය හොඳම කැමරාකරණය හා හොඳම සංස්කරණය සඳහා මුදලින් ත්‍යාග හා සම්මාන පිරිනැමෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සම්මාන උළෙල ලබන දෙසැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිතය.
ඒ පිළිබඳ වැඩි විස්තර www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ දුරකථන අංක 0112 872035, 0112 872036 යන දුරකථන අංකවලින් ලබා ගත හැකි බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සිනමා උපදේශක සභාව එක්ව රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය සංවිධානය කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාරගැනීම ඇරඹේ