
(යොහාන් භාසුර)
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඇනහිට ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන නිමකළ ව්‍යාපෘති සඳහා රජය රුපියල් කෝටි 100 ක පමණ මුදල් ගෙවීමට ඇති බවත් ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය.
එම මුදල් කඩිනමින් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කී පෝල් මහතා අත්හිටුවා ඇති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙස ආණ්ඩුවට යෝජනා කරන බව ද සඳහන් කළේය.
රට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමඟ 2022 වසරේ රාජ්‍ය මුදල්වලින් ආරම්භ කළ එම ව්‍යාපෘති නතර කළ බවත් ගොඩනැගිලි, මාවත් සහ ජල ව්‍යාපෘති මෙම නතර කළ ඉදිකිරීම්වලට ඇතුළත් බවත් ඒ මහතා කීය.
එම ව්‍යාපෘති අදියර තුනක් යටතේ ආරම්භ කර පළමු අදියර යටතේ තෝරාගත් අත්‍යවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ යැයි අමාත්‍යවරයා මීට පෙර පැවසූ බව කී පෝල් මහතා සඳහන් කළේ සාකච්ඡාවකින් එම ව්‍යාපෘති හදුනා ගැනීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
අත්හිටුවා ඇති අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කළ යුතු බවත් ඒ පිළිබද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග සාකච්ඡා කිරීමට නියමිත අවස්ථාවක් දී ඇති බවත් පෝල් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට කෝටි 100 ක් ණයයි
Perera Tuesday, 22 August 2023 09:24 PM
ඔයා දැන් නේ .පොඩ්ඩක් ඉන්න ඉවසලා .2048 වෙනකොට ලෝකයේ උසම ගොඩනැගිල්ලත් රනියා ලංකාවේ හදලයි වලකජ්ජ ගහන්නේ