(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගේ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්ධිෙය් ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායකවරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට නිෙයා්ග ක ෙළ්ය.
මෙසේ ඇප මත මුදා හැරිම සිදු වුයේ හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ආසන ප්‍ර ධාන සංවිධායක අජීත් ගිහාන් මහතාය.
පසුගිය මැයි 9 දින ආරච්චිකට්ටුව ප්‍ර ෙද්ශ ෙය් පිහිටි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්රාරදේශීය සභවේ හිටපු සභාපති ( වත්මන් පොදුජන පෙරමුණ ප්‍රා දේශීය සභා මන්ත්‍රී) ජගත් සමන්ත යන මහත්වරුන්ට අයත් නිවාස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව මෙසේ ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අවස්ථා කිපයකදි ජාතික ජනබල හලාවත සංවිධායකවරයා අත් අඩංගුවට ගැනිමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු කර තිබුණද ඒ සදහා ඔහුගෙ නිතිඥයින්ගෙන් එල්ල වු විරෝධතා හේතුවෙන් දුරකථන තොරතුරු ලබා ගැනිමේන් පසු අදාල සංවිධායකවරයා පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ගැනිම සිදුව තිබුණි.
අධිකරණයෙ කරුණු ඉදිරිපත් කල ආරච්චිකට්ටුව පොලිස් නිළධාරින් පවසා සිටියේ අදාල සැකකරු සම්බන්ධව දුරකථන තොරතුරු වාර්තාවක් ලබා ගත් බවත් අදාල සිදුවිම වන දවසෙ මෙම සැකකරු අදාල ගිනි තැබිම සිදුවු ප්රමදේශයෙ සිට දුරකථන ඇමතුම් රැසක් ලබා ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම සැකකරු අදලා ගිනි තැබිම් වලට සම්බන්ධයක් ඇති බවට තොරතුරු සනාථ වන බවට අධිකරණයෙ කරුණු දක්වන්නට විය.
ඒ සමගම පොලිස් නිළධාරින් විසින් මෙම සැකකරු අදලා දුරකථන කුළුණු වාර්තා ලබා ගත් ප්‍ර ෙද්ශෙය්ම පදිංචි කරුවෙකු වන බවත්ය.
අදාල සැකකාර ජා.ජ බ සංවිධායකවරයා වෙනුවෙන් පෙනි සිටි නිතිඥ ස්විනි පෙරේරා හා රුවන් චමින්ද මහත්වරුන් ඒ සදහා දැඩි විරෝධය මතුකරන්නට විය.
මෙම නිවස වලට ගිනි තැබු දිනයෙ විශාල පිරිසක් එක්ව පැමින තිබෙනවා.ඒ පිරිස හදුනා ගැනිමක් පවා සිදුකර නැහැ.නමුත් මේ වන විට මෙම ගිනි තැබිමට 80 කට ආසන්න පිරිසක් විටින් විට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සෑම අයකුම මේ වන විට ඇප ලබා තිබේනවා.අදාල ගිනි තැබිම සම්බන්ධව දැමු පැමිනිල්ල මත දේශපාලන වශයෙන් පලි ගැනිම් මේ වන විට සිදුවෙමින් පවතිනවා.
අපගෙ සේවා දායකයාගෙන් දේශපාලනික වශයෙන් පලි ගැනිමක් මේ හේතුවෙන් සිදුව තිබෙනවා යැයි නිතිඥවරුන් අධිකරණයෙදි පවසන්නට විය.
කරුණු සලකා බැලු මහෙස්ත්රානත්වරයා සැකකාර ජා.ජ.බ සංවිධායකවරයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කල අතර ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කෙරුණි.
මේ සම්බන්ධ නඩුව 2023 මැයි 11 දක්වා කල් තැබිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාජ්‍ය ඇමති සනත්ගේ නිවෙස ගිනි තැබූ ප්‍රධාන සකකරුට ඇප
Truth Tuesday, 27 September 2022 06:00 PM
ඔය කට්ටියට කොහොමත් ගිනි තියපු අතීතෙ අමතක කරන්න තාමත් බෑ නෙ. ඔහොම එවුන් රටේ බලයට ආවොත් කොහොමට තියේවි ද..