(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බවද හෙතෙම පැවසීය.
එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හිමිවන බව පැවසූ පීරිස් මහතා ඔවුන්ගෙන් තිදෙනකුට රජය මගින් වාහන තුනක් ලබා දෙන බවද පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාජ්‍ය ඇමතිවරුන්ගේ වියදම ගැන ජී එල් ගෙන් ප්‍රකාශයක්
de silva Sunday, 11 September 2022 03:16 PM
මේ වියදම් දැන් කරන්න බැරි බව තේරෙන්නේ නැද්ද?
PereraMonday, 12 September 2022 07:30 AM
දැන් පුළුවන් ලංකාව ආසියනු කුසලාන දෙකක් දිනලා තියෙන්නේ.
විපරමා Sunday, 11 September 2022 04:06 PM
තමුන් ඇමතිකම් කරපු කාලේ කියපු කරපුවා මතක නැතුව ඇති. ඇමතිකමක් ලැබුණානම් ඔහොම කියන එකක් නැහැ එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු හැටිත් අපි දන්නවා .
fairoos Sunday, 11 September 2022 05:40 PM
බයි වහල්ලුන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ.
BamunuarachchiMonday, 12 September 2022 07:03 AM
මෙයා මොනවද කියවන්නේ..? රටට හෙන ගැහැව්වත් කමක් නැහැ කියලා හිතන්නේ මේ අය. ඒකයි සිංහල රටේ සිංහලයාගේ සල්ලිවලින් ජීවත් වෙන්න බුරුතු ගණන් පැටව් ගහන්නේ... රටට ආදරේ නම් ළමයි දෙදෙනෙක් හදා ගන්න. දැන් ආණ්ඩු කරන්නේ බයියන් නොවෙයි ටොයියන්... බයියන් අයින්වෙලා මාස ගණනක් වෙනවා. ගොයියන්ට ආණ්ඩුවේ තැනක් නැහැ...
de silva Monday, 12 September 2022 04:18 AM
ලෝකයේ දියුණු රටවකත් නියෝජ්‍ය ඇමති කෙනෙකුට කාර්ය මණ්ඩලයට 5 දෙනෙකුත්, වාහන 3 කුත් දෙන්නේ නැහැ. රටේ බහුතරයක් ඉන්නේ බාගෙට හාමතේ, ගමනක් බිමනක් යන්න, රස්සාවක් කරගන්න නැහැ. පැට්‍රෝල් හිග නිසා හෝ මිල වැඩි නිසා. ඇමතිලාට මෙහෙම විදම් කරන්න පුළුවන්ද? මේක දෙනව කිව්ව සිස්ටම් චේන්ජ් එක.
Malika Monday, 12 September 2022 07:34 AM
දැන් විතරක් නෙවී මෙයාලා ආන්ඩුවල ඉන්න කාලෙත් කරපු හැමදේම රටට බරක්. ඒ බර තමා අපි මේ දැන් ගෙවන්නේ. එදා හරියට කරා නම් අද මේ රට ඉන්නේ ලෝකේ උතුම් රට වෙලාම තමා. තමන්ට තැනක් නැති උනාම තමා මෙයාලට අනුන්ගේ වැරදි පෙන්නේ. ඔය 225 සහ අනෙකුත් සියලුම සභා රටට බරක්.
පුරවැසියෙක්.... Monday, 12 September 2022 10:47 AM
මහාචාර්යතුමා පසුගිය රජයේ අමාත්‍යවරයකුව සිටියදී මෙවන් වියදම් නොදුටු වේද ? බලයක් නොමැති විට හැම දෙයක්ම හොදින් පෙනෙනවා වාගේම දැන් රටේ ජනතාව ගැන ඇත්තේ පුදුමාකාර දුකක් නේද ? ( හාන්සි පුටුවකටවී සැදෑ සමය ගත කළ යුතු අය නේද මේ. අපට කියන්න වෙන්නේ අනේ අපොයි කියාය.)
බන්දුසේන Monday, 12 September 2022 11:58 AM
කොයි කෙනත් එකයි, මේ එක්කෙනෙක්වත් කවමදාකවත් මහජනයාට සේවය කරන අය නෙවෙයි. බලය තිබුණත්, නැතත් කවදත් කිසිම රටට සේවයක් නොකරපු අය..!