IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය ආයතන වෙත ලිපි එවීමේදී දුරකතන අංකයක් සටහන් කරන්නැයි දැනුම්දීමක්

(ඩයනා උදයංගනී)

කිසියම් අවශ්‍යතාවයක් වෙනුවෙන් අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත ලිපි යොමු කිරීමේදී යොමුකරන්නාගේ ලිපිනය සමඟ දුරකතන අංක (ස්ථාවර හා ජංගම), වට්ස්ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක් (ඊමේල්) ද සඳහන් කර එවන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දීමක් කරයි.

එසේ කරන්නේ නම් පිළිතුරුවල පමාව වළක්වාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

රාජ්‍ය ආයතන වෙත ජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි, දුරකතන පණිවුඩ ආදී සියලු විමසීම් සඳහා රාජ්‍ය නිලධාරීන් කඩිනමින් පිළිතුරු දියයුතු බවට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉකුත් දා චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත.

දුරකතන අංක, වට්ස් ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපින සහිතව ලිපි එවන්නේ නම් ක්ෂණික පිළිතුරු එවීමට අවශ්‍ය අවස්ථාවල, ලිපි මගින් එවීමේදී ඇතිවිය හැකි පමාව වළක්වා ගත හැකි බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසීය.



අදහස් (4)

රාජ්‍ය ආයතන වෙත ලිපි එවීමේදී දුරකතන අංකයක් සටහන් කරන්නැයි දැනුම්දීමක්

jagath Thursday, 01 September 2022 05:00 PM

අල්ලස්, කොමිස්, පගා නියමෙට නැගලා යයි. ආර්ථිකේ කඩාවැච්චවෙලේ ඔය වගේ අදහස් එන එක සුලබ දෙයක්.

:       3       3

Jayarathna Thursday, 01 September 2022 05:16 PM

ප්‍රශ්නය විසදේද නැත්නම් ලිපිය යැවූ අයට තර්ජනයක් ලැබේද කියලයි මම කල්පනා කරන්නෙ මම එහෙම කියන්නෙ මට එහෙම වෙලා තියෙන නිසා තමයි ඒවාට මොකද කරන්නෙ ලේකම්තුතුමා.

:       2       3

Bamunuarachchi Thursday, 01 September 2022 05:50 PM

ඔය කතාකරන්න කියා පලකරන ටෙලිපොන් අංකවලට කවදාකවත් කතා කොරන්න බැහැ. ඕවා බොරු අංක.

:       0       0

Ravi Friday, 02 September 2022 01:05 PM

මුලින් ආයතන වල ටෙලිපෝන් හදල ඉන්න කතාකරන්න. ඔක්කොම වැඩ නෑ....එක්කො එහෙට මෙහෙට transfer (ට්‍රාන්සර්) කරනව විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site