
(යොහාන් භාසුර)
රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත සිටීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර ඇති අතර අද දිනයේ දී රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පවත්වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා පැවසීය.
සමස්ත රටම ආවරණය වන පරිදි සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තුගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වී සිටින බවත් හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වන බවත් ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය අංශයේ විධායක නිලධාරීහු ලෙඩ වෙති