IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය අමාත්‍ය හමුදාවක් නඩත්තුවට ජාත්‍යන්තර ආධාර ගැනීම සිහිනයක්

(යොහාන් භාසුර)

රාජ්‍ය අමාත්‍යවරු 38 ක් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමට අනිවාර්යෙන් විශාල බාධවක් බවත් ජාත්‍යන්තර ආයතනවලින් මූල්‍ය සම්පත් ලබාගැනීමට අවශ්‍ය බාධායක ඉවත්කිරීමට රජයට කිසිඳු උවමනාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ‘නිදහස ජනතා සභාව’ සංවිධානයේ මාධ්‍ය හමුවේදී අද (14) පැවසීය.

ජාත්‍යන්තර ආයතනවලින් මූල්‍ය සම්පත් ලබාගැනීම සඳහා නාස්තිය, අල්ලස, දූෂණය, වංචාව සහ මූල්‍ය අක්‍රමිකතා වැනි ප්‍රධාන ගැටලු සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව කී මහාචාර්යවරයා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරු 38 සඳහා අවම වශයෙන් වහන 230 ක්, එම වාහනවලට ඉන්ධන, රියදුරන් සහ නඩත්තුව සඳහා විශලා ධනයක් අවශ්‍ය බවත්ය.

වත්මන් ආණ්ඩුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 ට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරු 10 ක් හෝ 12 ක් පත්කිරීමේ සූදානමින් පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුල්‍ය සම්පත් රජයට නොදෙන අතර ජනතාවට සහන සැලසීම සඳහා පමණක් ආධාර ලබාදෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

රාජ්‍ය ඇමතිවරු හමුදාවක් නඩත්තු කිරීමට ජාත්‍යන්තර ආයතනවලින් මුල්‍ය සම්පත් ලබාගැනීම සිහිනයක් බව කී පීරිස් මහතා සඳහන් කළේ කිසිඳු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මූල්‍ය ප්‍රතිපාදනය නොමැතිව රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ප්‍රයෝජනයක් නොමැති බවත්ය.

වී මිලදී ගැනීමට මුදල් නොමැති යැයි කෘෂිකර්ම අමාත්‍යවරයාත්, අත්‍යවශ්‍ය ඖෂධ 60 ක් හිඟ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡාවකදීත් හෙළිකර තිබියදී රජය මේ ආකාරයට ඇමතිවරු පත්කරමින් සිටින බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (6)

රාජ්‍ය අමාත්‍ය හමුදාවක් නඩත්තුවට ජාත්‍යන්තර ආධාර ගැනීම සිහිනයක්

de silva Wednesday, 14 September 2022 08:46 PM

මේ ආචාරියාට ඉලපතෙන් ගහලා එළවන්න ඕනේ. මොහු තමයි මේ පොහොට්ටු හදන්න මුල් වුණේ. නැවත ජනපතිට විශාල බලතල ලැබෙන ලෙස ව්‍යවස්ථා වෙනස් කරන්නත් මුල්වුණා. දැන් එනවා බොරු ආණ්ඩු විරෝධයක් හදාගෙන පරණ හොරු ටිකක් සමග 2024 හෝ 25 එන පාර්ලිමේන්තු මැතිවරණයකින් නැවත පාර්ලිමේන්තු යන්න පොටක් පාදාගන්න... අපි බයියන් නොවේ.

:       0       0

Saththaya Wednesday, 14 September 2022 10:07 PM

ඔබ සහ දැන් ඔබ එක්ක ඉන්න ජාතික වීරයෝ , අතිවිශාල කැබිනට් එකක් එක්ක ඉදල , රට බංකොලොත් කරන්න උදව් කරලා , දැන් උපදෙස් දෙනවද , රටට හිගාකන්නේ කොහොමද කියල . මොනවාද මේ විහුලු කතා . තාමත් රට මෙහයවන්නේ ඔබගේ ගුරාල .

:       0       5

විපරමා Wednesday, 14 September 2022 10:30 PM

එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් දරපු කාලේ දූෂිත පාලකයෝ කරපු වැරදි පෙනුනේ නැතුවා.දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ. ඇමතිකමක් නොලැබීම ගැනත් අවුලක් ඇති .

:       0       4

Priyanka Thursday, 15 September 2022 01:27 AM

1994 සිටම මෙයා විවිධ තනතුරු, ඇමැතිකම් කලා මතකයි. එහෙට මෙහෙට පැනපැන සෑම ආණ්ඩුවකම පාහේ හිටියා මතකයි. රටට, ජාතියට කරපු එක වැදගත් වැඩක් තියනවාද මේ අයගේ? තවමත් කරන්නේ කුමන්ත්‍රණම විතරයි. කාලකණ්ණි..!

:       0       0

කල්පනා Thursday, 15 September 2022 05:19 AM

ප්‍රේමදාස ජනාධිපති කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති වෙලා සිසුන් අරගල කරල එලවපු දැන් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මේ මිනිහා පිස්සු කියවනවා කියලා හිතනවා මෙතෙක් කලක් කරපු එකමදේ මෙතෙක් නොපිපුන දැනට කෘමින් කාල විනාශ කල පොහොට්ටුව හැදීම පමණයි

:       0       5

Lalith M Thursday, 15 September 2022 09:59 AM

මහින්ද එක්ක ලගින කාලේ ඔය වැඩේම නේද මහාචාර්ය තුමාල කලේ. කරනකොට එහෙමයි.කියනකොට මෙහෙමයි. ඇට නැති දිව.....

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site