
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසයි.
රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය බොහෝ ඖෂධ සහ උපකරණ රෝගීන් පෞද්ගලික මුදලින් වාට්ටු වෙත සැපයිය යුතු තත්වයක් උත්ගත වී ඇති බවත් මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සඳහන් කරති.
කොළඹ ජාතික රෝහලේ බොහෝ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පෞද්ගලිකව රැගෙන එන ලෙස ඖෂධ සහ උපකරණ වර්ග ලියා ලබාදෙන බව කියන රෝහල් සේවකයෝ ඒවා මිලදීගැනීම සඳහා බොහෝ රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් සතුව මුදල් නොමැතිවීමෙන් අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකි බව ද සඳහන් කළහ. ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග සහ උපකරණ රෝගීන්ගෙන් පෞද්ගලික ගෙන්වා ගන්නා බවත් එම ඇතැම් ඖෂධ සහ උපකරණ රුපියල් 25,000, 30,000 හෝ ඊටත් වඩා මුදල් ගෙවා ගැනීමට සිදුව ඇති බවත් රෝහල් සේවකයෝ කියති.
කොළඹ ජාතික රෝහලේ බොහෝ වට්ටුවලින් ශල්‍යකර්මවලදී මැහුම් දැමීමට යොදෙන නූල් ද රෝගීන්ගෙන් ගෙන්වා ගන්නා බවත් මෙම තත්වයට ආණ්ඩුව මැදිහත් නොවුණ හොත් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් රෝහල් සේවකයෝ වැඩි දුරටත් පවසති.
බොහෝ මූලික රෝහල්වල සායන සඳහා පැමිණෙන රෝගීන්ට සැපයීම සඳහා බෙහෙත් නොමැති බවත් දියවැඩියා රෝගීන්ට දෙන ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින බවත් වැඩි දුරටත් දැනගන්න තිබේ.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
රසික Friday, 07 February 2025 12:04 AM
කෝ අර උඩ පෝස්ට් එකට කමෙන්ට් ලයික් දාපු අය? අනේ නොදැක්කා වගේ යන්න එපා මේකටත් මොකක් හරි දාන්න. අඩුම ගනනේ 77 වසරක සාපය කියලවත් දාන්න. නලින්ද මේක කරන්න බැරිනම් ලමයෙකු ට දෙන්න වගේ කතාවක් වුනත් හොඳයි
nimal Friday, 07 February 2025 08:35 AM
ඔව් ඉතින් මෙයාල කයිය ගැහුවට ටෙන්ඩරයක්වත් දාන්න දන්නෙ නෑනෙ
abid Friday, 07 February 2025 12:21 PM
පගා ගහලා බෙහෙත් ගෙනාවා නම් ඉක්මණට මේ ප්‍රශ්නය විසඳන්න තිබුණා. හරි ක්‍රමයට හදලා ගන්නකොට ප්‍රශ්න එනවා. ඒත් කොහොම හරි නියම ක්‍රමයට ප්‍රශ්නය විසඳන්න. ඉක්මණට සහ නියම විදිහට කරන්න. ඉස්සර හිටපු හොරුන් වගේ නැතිව.
යෝගා Friday, 07 February 2025 12:31 PM
නලින්දගේ ඔලුව කොච්චර ඉදිමිලාද කිව්වොත් තියෙන චූටි මොලේවත් හරියට වැඩ කරන්නේ නෑ. රාජපක්ෂ භීතිකාව විතරයි කල්පනාව...!