IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රජයට පොලු තැබූ තවත් අරක්කු කොම්පැණි ගැන හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්පැන් නිෂ්පාදන කටයුතු නවත්වා ඇති  සමාගම්  කිහිපයක්ද  රුපියල් කෝටි ගණනක බදු මුදලක් රජයට කාලයක සිට ගෙවා නැතැයි  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

එසේ හෙයින් මේ ආකාරයට බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීම සඳහා මත්පැන් නිෂ්පාදන  සමාගම්වල මාස හයක  නිෂ්පාදන ධාරිතාවට සමාන මුදලක් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමේදී හෝ මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී තැන්පතුවක් ලෙස  ගැනීමට හැකිවන ලෙස නීතිමය සංශෝධන ගෙන එන ලෙස කාරක සභාවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා  මුදල් අමාත්‍යංශයට නිර්දේශ කළේය.

මේ අතර සුරා බදු නොගෙවූ සමාගම් වලින්  රුපියල් කෝටි 20කට වැඩි හිඟ බදු මුදලක් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශ හේතුවෙන්   මේ මාසයේදී  රජයට ලැබුණු බවද  රණවක මහතා කීවේය.

රටවිරුවන්ගේ විද්‍යුත් වාහන ව්‍යාපෘතියට  වෝහාරික විගණනයක් අවශ්‍ය බවටද  කමිටුව නිර්දේශ කළේය.

එසේම  නීති නීතිවිරෝධිව මෙරටට ගෙන්වන  ග්‍රෑම් 100 ට වැඩි  රත්රන්වලට තුන්ගුණයක දඩයක් අය කිරීමටද  කමිටුව යෝජනා කළේය.

මෙන්ඩිස් සමාගම,ෆින්ලන්ඩ්  නිෂ්පාදනාගාරයසිනර්ජි නිෂ්පාදනාගාරය සහ රන්දෙණිගල නිෂ්පාදනාගාරය යන නිෂ්පාදන ආයතන වල හිඟ බදු  මුදල වන රුපියල් කෝටි 100 ක මුදල සහ ප්‍රමාද ගාස්තු මාස 9 කින් ගෙවා දැමීමට එකඟවී ඇති බවත්   එම සමාගම්   රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් ගෙවා ඇති බවත්  කාරක සභාවේදී සඳහන් විය.



අදහස් (0)

රජයට පොලු තැබූ තවත් අරක්කු කොම්පැණි ගැන හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site