(අංජුල මහික වීරරත්න)
අද රාජපක්ෂ කල්ලිය සුදු ඇඳගෙන යළිත් ජනාධිපති පුටුව ඉල්ලාගෙන පැමිණ ඇත්තේ ඇඟපුරා තැවරුණු ලේ සෝදාගෙනදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද(22) පැවැසීය.
ඝාතනයට ලක් වූ සුදු වෑන් වලින් අතුරුදන් වූ පවුල්වල ඉතිරි වී සිටින දරුදැරියන්ගේ කඳුළුවත් වේලී නැති හෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව ඔවුන්ට හොඳ පිළිතුරක් දෙනු ඇතැයිද රහුමාන් මහතා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීය.
“යහපාලන රජය බලයට පත්වී වසර 4ක් පිරෙනවා. එහි ප්‍රගතිය දෙස බලනවිට අපට පෙනී යන කාරණාව වෙන්නේ ජනතාව බලාපොරොත්තු වුණු සියල්ල අත්පත් කරගන්නට නොහැකි වූවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඉදිරියට යාමට හැකි වාතාවරණයක් බිහිකර ගැනීමට හැකිවී තිබෙන බවයි.
අප රට බාරගන්නා විට තිබූ තත්ත්වය ජාත්‍යන්තර අප්‍රසාදය ගැන අප දන්නවා. වර්තමානය සමග එය සසදන විට අප රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා” යැයිද ඒ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘රාජපක්ෂ කල්ලිය ජනපති පුටුව ඉල්ලන් ආවේ ලේ සෝදාගෙනද?’