
මෙවර නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල් රජු සිය මෑණියන් වූ දෙවැනි එලිසබත් මහ රැජින ද සිහිපත් කළේය.
මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු නත්තල් දින පණිවුඩයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි.
74 හැවිරිදි තෙවැනි චාල්ස් රජු, නත්තල් පණිවුඩය ඉදිරිපත් කළේ වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ සිටය. එය කල්තියා පටිගත කරන ලද්දක් වූ අතර, බකිංහැම් මාලිගය නත්තලට පෙර දිනයේ එය මාධ්‍ය වෙත ලබා දී තිබුණි.

මේ අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී, දෙවැනි එලිසබත් මවු රැජින සිහිපත් කරමින් විශේෂ නත්තල් කැරොල් විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

තෙවැනි චාලස් රජුගේ පුතු විලියම් කුමරු, බිරිඳ කේට් මිඩ්ල්ටන් හෙවත් වේල්සයේ කුමරිය සහ ඔවුන්ගේ දරු දැරියන් ද ඇතුළු රජ පවුලේ සෙසු සාමාජිකයන් ද නත්තල් කැරොල් ගායනා කළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඩේලිමේල් ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැජින නැති නිසා මෙවර නත්තල් පණිවුඩය රජුගෙන්
John Doyle Sunday, 25 December 2022 08:10 AM
God save king Charles!!!