IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රැජිනට ගෞවර දක්වන්න එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

මහ රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට  පැමිණෙන රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් හට ලන්ඩන් නුවරට පැමිණීමට  වාණිජ ගුවන් යානා භාවිතා කරන උපදෙස් දී ඇත.

රැජින‍ගේ දේහය 19  වැනිදා තෙක් මහජන ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබෙන අතර ඒ සඳහා පැමිණෙන ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇත.  එම උපදෙස් මාලවට අනුව රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන්  පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකළ යුතු වේ. රැජිනගේ අවමංගල්‍ය උත්සවයට පැමිණෙන රාජ්‍ය නායකයන්ට පෞද්ගලික මෝටර් රථ භාවිත කිරීමට අවසර නොමැති අතර බසයෙන් වෙස්ට්මිනිස්ටර් ඇබි දේවස්ථානයට දක්වා ගමන් කළ යුතු බව එම උපදෙස් මාලාවේ දක්වා ඇත. 

එළඹෙන 14 වැනිදා සවස 5 සිට  සැප්තැම්බර් 19 වැනිදා උදේ 6.30 දක්වා මහජනතාවට පැය 24 පුරාම රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

විශාල ජනකායක් සහභාගී වීමට නියමිත බැවින් පැමිණෙන මහ ජනතාවට රැය පහන් වනතුරු පෝලිමේ සිටීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

එම අවස්ථාවේදී දැඩි ආරක්ෂාක ක්‍රියාමාර් ග අනුගමනය කිරීමට නියමිත අතර වෙස්ට්මිනිස්ටර් ශාලාවට කුඩා බෑගයක තමන්ට අවශ්‍ය ඇඳුම් සහ ආහාර පමණක් රැගෙන පැමිණිය හැකි බව එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

ජාත්‍යන්තර අමුත්තන් රැගෙන එන දූත පිරිස හැකිතාක් සීමා කරන ලෙසත් ආරාධනය ලබා දී ඇත්තේ රාජ්‍ය නායකයාට සහ ආර්යාවට පමණක් බවත් එම උපදෙස් මාලාවේ දැක්වේ.

034



අදහස් (6)

රැජිනට ගෞවර දක්වන්න එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

රංග Monday, 12 September 2022 04:30 PM

ලංකාවේත් මෙච්චර ඩොලර් හිඟයක් තියෙද්දීත් අපේ අටෝන ජනාධිපති යනවයි කියනවා නේද? රැජිණට ගෞරව දක්වන්න එංගලන්තයට?

:       14       59

ravin Monday, 12 September 2022 05:34 PM

දත, කට මැදගෙන උන්නු අපේ අයියලාට හා අක්කලාට ආයුබෝවේවා..!

:       0       23

Prabha Monday, 12 September 2022 07:22 PM

එහෙම කොහොමද? අපි... කාලා බීලා හරි 250ක් වත් යවමු. නැත්නම් තත්වයට හරි නෑනේ...

:       4       29

arschfikaa Monday, 12 September 2022 10:45 PM

රනිල් දැන් ලන්ඩන් යනකොට මරාගෙ පවුලෙ එවුනුත් 10ක් 20ක් විතර එක්කන් යයි. උන් එහෙ ගිහින් ආයෙ මෙහෙනම් එන්නෙ නැහැ. අනික රැජිනගෙ අවමංගල උත්සවය දක්වාම මරාගෙ පවුලෙ එවුන් බඩ පැලෙනකන් බකිංහැම් මාලිගාවෙන් නොමිලෙ කාල, ගමෙ හොර කසිප්පු බීගෙන හිටපු බයියොටික, ස්කොච් විස්කිවලින් සප්පායම්වෙලා ලන්ඩන්වල පාරෙ වෙටිල ඉන්න ෆොටෝ අපට බලාගන්න හැකිවේවි.

:       0       2

Nihal Monday, 12 September 2022 11:49 PM

ළෝකෙ රටවල්වලට තුවක්කු බලෙන් මහ මිනිස් ගාතනයක් කරපු පවුලක්, මොන ගවුරව ලැබුනත් පාපයෙන් ගැලවීමක් නැත.

:       3       1

chandima Tuesday, 13 September 2022 01:14 AM

එහෙනම් අපේ රටෙන් කට්ටිය එන්නෙ නැහැ. අපෙ කට්ටියට බස්වල ගිහින් පුරුදු නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site