දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි.
වනිස්සා නන්දකුමාරන් නැමැති 56 හැවිරිදි ඇය බ්‍රිතාන්‍ය බලා ගොස් ඇත්තේ 1980 දී වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මැයගේ ඥාතිවරයෙකු වන වෛද්‍යලිංගම් දොරේසාමි ට 1937 දී 6 වැනි ජෝර්ජ් රජු විසින් නයිට් පදවියක්ද ප්‍රධානය කර තිබෙන තිබේ.
වනිස්සා නන්දකුමාරන් ඇයට ලැබුණු අවස්ථාව ගැන මෙසේ අදහස් දක්වා තිබේ. මට මෙවැනි අවස්ථාව ලැබේවි යැයි බලාපොරොත්තු වුණේ නැහැ. රැජිනට ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වුණා. අව්ව වැස්ස බාධාවක් කර නොගෙන මා රැජිනට ගෞරව දැක්වූවා. ’
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්විසින්ටර් දෙව්මැදුරේදී පැවැත්වෙයි. මේ වනවිට දේහය ලන්ඩන් නුවරට ගෙනැවිත් ඇති අතර එය මහජන ගෞරවය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ.
(ඩේලිමේල් ඇසුරිනි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රැජිනට ගෞරව කළ කාන්තාව
piyal Wednesday, 14 September 2022 02:20 PM
ඉතින් අපිට මොකද?
බද්රානි Wednesday, 14 September 2022 03:54 PM
ආ..ඒත්, මම පුදුම උනා ලාංකික සම්භවයක් තියනවා කිව්වම සිංහල කාන්තාවක්ද කියලා. ඔය බටහිර රටවල වාසය කරන බොහොමයක් සිංහලයින් ආවඩන්නේ, රුසියාවට හා චීනයටනේ. එත්, ද්‍රවිඩ ජනතාව එහෙම නැහැ, ඔවුන් කෙලෙහිගුණ දන්නා ජාතියක්. මොනා උනත්, කාපු පතේ පහරන ගතිය ඔවුන්ට නැහැ. ඔවුන් කෘතවේදියි..
Rukmal Wednesday, 14 September 2022 05:05 PM
සහතික ඇත්ත කතාව, මම ජීවත් වෙන්නේ කැනඩාවේ... මෙහෙට එන්න කලින් මමත්, රුසියාව, චීනය ගැන සැහෙන භක්තියක් තිබුණා. පස්සේ තේරුණේ ඔවුන්ට ඕනේ අපේ රටේ දුෂිත පාලකයින් තියාගෙන ඔවුන්ගේ වාසිය ගන්න හැර රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නැහැ. කැනඩාවේ අපිට නිදහස සමාන අයිතීන් හැම දෙයක්ම තියෙනවා. අපි විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකින්ම මිනිස්සු කැනඩාවට එනවා. මෙහෙ නිදහස භුක්ති විඳිනවා. ඒත් සමහර ලාංකික සිංහල මිනිස්සු තවමත් අපිව ණය උගුලක දාපු, අපේ රටට කෙලවපු චීන්නුන්ට ආවඩනවා. පුදුම ගුණමකු කාලකන්නි, කැනඩාවෙන් යැපෙන ගමන් චීනාගේ හොඳ කියනවා...
kamalWednesday, 14 September 2022 07:21 PM
කව්රුත් අපිට බලෙන් ණය දුන්නේ නැහැ. අපි පත්කළ පාලකයින් විසින් පටු දේශපාලන වාසි තකා මේ රට ණය උගුලක හිර කළා. මේ තත්වයට වග කිව යුත්තේ චීනය හෝ රුසියාව නොව, රටේ පාලකයින් පත් කළ අපිමයි...!
පුලස්ථි Wednesday, 14 September 2022 10:58 PM
ඒ කියන්නේ පෝලිමේ පළවෙනියාට ඉඳලා. ඕක කජ්ජක්නේ. පෝලිම්වල පළවෙනියාට පැනගන්න ගැහැණු කට්ටිය හරිම දක්ෂයි. ලංකාව නම් පෝලිම්... පෝලිම් නම් ලංකාව...!