(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් එරාන් වික්‍රමරත්න මහතාද ඉදිරිපත් වූහ.
ඡන්ද විමසීමේදී රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද දාහතරක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට ලැබුණේ ඡන්ද හතක් පමණි.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය චරිත හේරත් මහතාය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට
pradeep Thursday, 06 October 2022 12:12 PM
ලොකුම හොරාගේ හොඳම ගොලයාගෙන් පේන ඇසීම
sarath kuru Thursday, 06 October 2022 12:26 PM
කවුරු ආවත් වැඩක් නැහැ
Mithrasiri Thursday, 06 October 2022 12:30 PM
මොලහතානෝ මෙයාව සභාපති කරවන බව දැන් දින කීපයකට කලින් විමල් වීරවංශ ප්‍රකාශ කලාම මේ මහා ආචාර්ය ට නහුතෙට තදවුනා. දැන් මොකද කියන්නෙ ?
Lalindra Thursday, 06 October 2022 12:34 PM
ඔය කෝප් එක වහලා දාන එක හොදයි. අපරාදේ ඒ වෙනුවෙන් වියදම් කරන සල්ලි සහ කාලය. හොරකමට ලොජික් දීලා එක හේතු යුත්ත කරලා නිතිගතත් කරයි. පාස් පොර්ට් හදාගනිල්ලා. මේක මුන්ටම දීලා ඇෆ්ගනිස්තානෙට හරි යමල්ලා
fairoos Thursday, 06 October 2022 12:35 PM
මහාචාර්යවරයෙක් නේ ,එහෙනම් හොඳටම කඩේ යයි
J.M පද්මසිරි Thursday, 06 October 2022 12:58 PM
චරිත හේරත් මහත්මා,හර්ෂ ද සිල්වා මහතා මෙන් ඔබද ජනතාවගේ පැත්තේ හිටගනීවි. අනීතික දේ අපවෙත දැනුවත් කරන්න හදන්න වල් වැදුන මූල්‍ය විනය..සුභ පතමි
චිරන්ත Thursday, 06 October 2022 01:19 PM
රංජිත් බණ්ඩාර කියන්නෙ මොන අංශයේ මහාචාර්ය වරයෙක්ද මම දන්නෙ නැහැ මූල්‍ය අංශයේ නම් වරදක් නැහැ නමුත් එරාන් කියන්නෙ මූල්‍ය කළමනාකරණය ගැන දන්නා උගතෙක් කියලා අහල තියෙනවා කොහොම නමුත් අරගලයට ජයවේවා කියමු
Senerath Thursday, 06 October 2022 03:49 PM
මෙතන තියෙන්නේ උගත්කමේ ප්‍රශ්නයක් නෙවෙයි. කොන්දේ ප්‍රශ්නයක්. තමුන්ගේ උගත්කමේ හෝ රැකියාවේ ගරුත්වය රැකෙන අයුරින් වැඩ කරනව නම් ඒක තමා අවශ්‍ය. ඒ විදියට වැඩකළා ඩිව් ගුණසේකර මැතිතුමා, හදුන්නෙත්ති සහෝදරයා සහ චරිත හේරත් මැතිතුමා. මොහුගෙන් ඒ සේවය වේවිද කියලා අපට සාධාරණ සැකයක් තියනවා.
Lalith M Thursday, 06 October 2022 07:15 PM
පඩංගු මහ ඇදුරෙක්. රාජපක්ෂ පවුලේ අසූචි සෝදන්නෙක්........