
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ.
දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ.
පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගම මෙම ස්ථානයේ මුලිමනින්ම කඩා ගෙන ගිය අතර ඉන් පසුව මෙම ඓතිහාසික ගල් හමුවි තිබෙන බව මාණිකක්මඩු විහාරාධිපති ය අඹගස්පිටියේ සීලරතන හිමියන් පැවසිය.
අඹගස්පටියේ සීලරතන හිමියන් මාධ්‍යවේදින් සමග ගොස් මෙම ස්ථානය පරීක්ෂා කරනු ලැබිය. එහිදි ඉතා ක්‍රමවත්ව සකස් කරන ලද පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල් මෙම ස්ථානයේදි දැකගැනිමට හැකිවිය.
මෙම ස්ථානයේ සිට ඓතිහාසික දී ඝවාපි රජමහා විහාරයට කිලෝමිටරයක් පමන දුරක් ඇති අතර මිට වසර 15 කට පමන පෙර දිඝවාපියේ ඩෝසර කරන ලද දාගැබට ඇත්තේ මිටර් 500 ක් පමන දුරකි.
මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.
එම ගල්වල යම් ඓතිහාසික බවක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව වාර්තාවක් අප දැනට යවා තිබෙනවා. ස්ථානීය පරීක්ෂණයක් කළ නිගමනයට එන බව ද ඔහු කිවේය.

2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජකාලේ පාරක් අම්පාරෙන් මතු වේ
chandima Sunday, 11 February 2024 11:29 PM
මටනම් පෙනෙන්නේ බ්‍රිතාන්‍ය රජකාලේ වැඩක් වගේ ?
Ruwan Sunday, 11 February 2024 11:31 PM
ඕක අර මඩකලපුවෙ ඉන්න පිස්සු කහකඩයා දැක්ක නම් සිවුරු කරේ තියාගෙන එන්නෙ..පුළුවන් නම් ඕක නෙල්ලිගල කන්ස්ට්‍රක්ෂන් එකෙනුයි ගඟසිරිපුර කන්ස්ට්‍රක්ෂන් එකෙනුයි බේරගනිල්ල..නැත්තන් ඔතනත් ඇවිත් චෛත්‍යයක් අටවන්න ගනියි.
චන්දන Monday, 12 February 2024 03:25 PM
මේ පේන විදියට නම් මේක එතරම් යට නෙවෙයි තියෙන්නේ. මට කලින් නොදැකපු දෙයක් වෙන්න බැහැ...