IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රඟපාන්න දෙන බව කියා තරුණියන් රැවටූ හොර දොස්තර මාට්ටු

(රෝෂන් තුෂාර)

නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින්  තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි අනුව  අත්අඩංගුවට ගත් ප්‍රණීත් ලක්මාල් නමැති සැකකරු අද(14) රාත්‍රියේ කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මුහුණු පොතේ දැන්වීම් පළ කර ඇති  සැකකරු රූමත් තරුනියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට ඒත්තු ගන්වමින් ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර ඇත.

වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇති සැකකරු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය පවසයි.



අදහස් (1)

රඟපාන්න දෙන බව කියා තරුණියන් රැවටූ හොර දොස්තර මාට්ටු

පිටිගල මිලානෝ Friday, 15 March 2024 11:38 AM

සම්මුඛ සාකච්ඡාවට ගිය දවසේම රෙද්ද ගලවාගෙන නිරුවත් ඡායාරූප ගන්න දීලා දැන් පොලිසි යනවා. කවුද වැරැදි…?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site