IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රේගු - දේශීය ආදායම් - සුරාබදු වෘත්තිය සමිති සටනකට සූදානම්

(යොහාන් භාසුර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට පුරප්පාඩු වී තිබීම රාජ්‍ය බදු ආදායම නිසි පරිදි අයකර ගැනීමට බාධාවක් වී ඇති බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙකු පත්නොකිරීම දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගු සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුන බිඳවැටීමේ උත්සාහයක් බවත් රේගු, දේශීය ආදායම්,  සුරාබදු වෘත්තිය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට ආර්ථික වශයෙන් බිඳ වැටී දැඩි අර්බුදකාරී තත්වයක් පැවතුණ ද මෙම දෙපාර්තමේන්තු තුන ඉලක්කගත ආදායම් උපයා ඇති බව කී එම වෘත්තීය සමිති එකමුතුව ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බලධාරීන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති අදාළ දෙපාර්තමේන්තු තුනම මීට පෙර ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවූ බව ද සඳහන් කරයි.

රේගු, දේශීය ආදායම් සහ සුරාබදු යන ආයතන බිඳවැටීමට කරන කිසියම් උත්සාහයක අනතුර වැළැක්වීමට වෘත්තීය සමිති එකමුතුව ලෙස ඒකාබද්ධව ක්‍රියා කරන බවත් ජනතාව සියලුම සියලුම අංශ වලින් දැඩි අපහසුතාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කාර්යක්ෂම සේවාවක් සැපයීමට සෑම විටම කැපවී කටයුතු කරන බව වෘත්තීය සමිති එකමුතුව එම නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (2)

රේගු - දේශීය ආදායම් - සුරාබදු වෘත්තිය සමිති සටනකට සූදානම්

Krishan Wednesday, 25 October 2023 07:12 PM

ශ්‍රී ලංකා රේගුව නිතරම පාරම් බානවා... ලංකාවේ බදු ආදායමෙන් 57%ක් දෙන්නේ රේගුව කියලා රේගුවේ හොරකම් වංචා දූෂණ නැවැත්තුවොත් බදු ආදායමෙන් 75%ක් 85%ක පමණ රජයට දිමට හැකියාවක් පවතිනවා... ඔය දෙපාර්තමේන්තු 3 දූෂිත නිලධාරීන් හඳුනාගෙන ඔවුන් ඉවත් කිරිම පළමුව සිදුකළ යුතුයි... වර්තමානයේ රේගු අධ්‍යක්ෂ ජනරාල්ව රේගු නිලධාරීන් සල්ලිවලට මිලදි ගැනීම නිසා රේගුවේ වංචා, දුෂණ, හොරකම් නවත්වන්න බැහැ... හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය සමයේ බෝහෝදුරට වංචා, දූෂණ, හොරකම් නතර වුණාසේම එසේ කළ රේගු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා.. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වු පසු පත්කළ අධ්‍යක්ෂ ජනරාල් රේගු නිලධාරීන්ගේ මුදලට යටවී ඇත..

:       1       9

Latha Thursday, 26 October 2023 08:40 AM

බදු ආදායම් කෙසේ වෙතත් තමන්ගේ ආදායම් නම් තර කර ගන්නවා ඇති

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site